(කුෂාන් ජයවර්ධන)
අද මේ රටේ දේශපාලනය, දේශපාලඥයෝ වගේම දේශපාලන පක්ෂ ජනතාවට එපා වෙලා තියෙනවා, අපිම කියනවා පාර්ලිමේන්තුවටම බෝම්බ ගහන්න ඕන 225 ම එපා කියලා. හැබැයි මේ දේශපාලනය අපිට එපා වුණාට දේශපාලනය නැතිව රටක් ඉස්සරහට යන්න පුළුවන්කමක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා උපාධිධාරීන් හමුවේ පැවසීය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජික උපාධිධාරීන් සමඟ අද (05) අනුරාධපුරයේදී පැවති සාකච්ජාවකදී මන්ත්‍රීවරයා මේ බව පැවැසීය.
එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා මෙසේ කීය.
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුන නිසා ශක්තිමත් වුණ නිසා පෝෂණය වුණ නිසා ඔබතුමන්ලාගේ දෙමාපියෝ මේ පක්ෂය පෝෂණය කරපු නිසා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශාල වැඩ කොටසක් කරන්න අතීතයේ ඉඳන් ලැබිලා තියෙන්නේ. අපි ආණ්ඩු හදාගත්තේ ජනාධිපතිවරු බිහි කර ගත්තේ පළාත් සභා දිනා ගත්තේ මේ සේරම දිනා ගත්තේ ඔබතුමන්ලාගේ දෙමාපියෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරපු නිසයි. ඒ වගකීම එතනින් එහාට ඔබතුමන්ලාට තියෙනවා. දෙමාපියන්ගෙන් පස්සේ ඔබතුමන්ලා ගමේ දේශපාලනය කරන්න ඕන දේශපාලනය ගැන කථා කරන්න ඕන.
අද මේ රටේ දේශපාලනය, දේශපාලඥයෝ වගේම දේශපාලන පක්ෂ එපා වෙලා තියෙනවා, අපිම කියනවා මේ පාර්ලිමේන්තුවටම බෝම්බ ගහන්න ඕන කියලා, 225 ම එපා කියලා කියනවා.
මේ දේශපාලනය අපිට එපා වුණාට දේශපාලනය නැතිව රටක් ඉස්සරහට යන්න පුළුවන්කමක් තියෙනවාද? එපා වුණා කියලා දේශපාලනය අතාරින්න බෑ.මේකේ නරක මිනිස්සු ඉන්නවා, හොඳ නැති කණ්ඩායම් ඉන්නවා කියලා මේක අපි අතෑරියොත්, කළකිරුණොත් ආයේ තව වැඩක්ම නැති පිරිසක් තමයි මේ රටේ පාලනය භාර ගන්නේ, මේ රටේ නායකයෝ බවට පත් වෙන්නේ, එහෙම නම් මේක අතාරින්න පුළුවන්කමකුත් නෑ.
නරක ගොඩේ හොඳ ටිකත් එක්ක ගමනක් යන්න වෙනවා.එහෙම නොවුනොත් එහෙම රටට අපි කරන්නේ විශාල අසාධාරණයක්, එහෙම නම් ඒකේ වගකීම ඔබතුමන්ලා ගත යුතු වෙනවා.
අද මේ රටේ තරුණයෝ බොහෝම විවෘතව දේශපාලනය කථා කරනවා. අම්මාගෙයි තාත්තගෙයි පක්ෂය කියලා තරුණයෝ පක්ෂ තෝරන්නෙත් නෑ.අම්මාගෙයි තාත්තගෙයි නායකයා කියලා නායකයෝ තෝරන්නෙත් නෑ.අද තරුණ පරපුර තනියෙන් හිතන්න, රට ගැන හිතන්න, තරුණයින්ගේ අනාගතය ගැන හිතන්න, රටේ අනාගය ගැන හිතලා අද විශාල වශයෙන් සමාජ මාධ්‍යයෙහි විශාල වශයෙන් අදහස් දක්වනවා, විවේචනය කරනවා.මේ සියලු දේම තරුණයෝ කරනවා.උගත් බුද්ධිමත් තරුණ පිරිසක් ලෙස ඔබතුමන්ලාත් පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, තම තමන්ගේ නායකයෝ වෙනුවෙන් යම් හඩක්, යම් මතයක් ගොඩ නගන්න අවශ්‍යයයි‘ යැයිද ඒ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඇත්ත කතාව..
දේශපාලකයන්ට පෙන්නන්න ඕන කරලා තියන්නේ තමන් මේ රටට නැතිව බැරි කොටසක් කියන මානසිකත්වය මිනිසුන්ගේ ඔළුවල හැමදාම තියන්න. ඔය වගේ මතවාදයක් තමා ඉස්සර කළු මිනිස්සු ගාවත් තිබුනේ, සුදු මිනිස්සුන්ට හැමදාම වහල් සේවය කරන්න ඕන කියල. එත් අද වෙද්දී ඒවා ලෝකෙන් තුරන් වෙලා. අද තරුණ සමාජ අන්තර්ජාලය, සමාජ මාධ්‍ය වලින් ඇත්ත ඇති සැටියට දකිනවා. ර නිසා ලංකාවේ දේශපාලනය සහ දේශපාලකයෝ එපා වෙලා ඉන්නේ. තවම වහල් අදහස් තියෙන්නේ පරණ පරපුරේ ඡන්ද දායකයෝ ලඟ. ලංකාව මේ විදියට තව අවුරුදු 25-30 ක් ගියොත් හොද අතට හැරේවි
අපට එපා වෙලා තියෙන්නෙ දේශපාලනය නෙමේ. රට පාලනය කරන ඔයගොල්ලොන්වයි. දේශපාලකයයි දේශපාලඥයයි අතරෙ වෙනසවත් දන්නවාද?
ජනතාවට එපා වෙලා තිබෙන්නේ දේශපාලනය සහ පාර්ලිමේන්තුව නොවේ. ඒකේ වාඩිවෙලා ඉඳගෙන රට සුරාකන 225 දෙනා
ඔව් ඕගොල්ලෝ දේශපාලනය කරලා රට අගේට ඉස්සහරට ගෙනල්ලා තියෙනවනේ.
මේ දුප්පත් රට පාලනයට ආපු සෑම දේශපාලකයෙක්ම විශාල පෝසතුන් වුණා. මුල්ම කාලෙ දේශපාලනේ හිටියේ මහත්තුරු. අද ඉන්නේ සල්ලි හම්බකරන්න සැපගන්න. කරුණාකර අපේ රට විනාස කරන්න එපා. ඔබලාට කවදාහරි ඒ අපරාදවලට ස්වභාව ධර්මෙන් හරි දඬුවම් ලැබෙයි
ඔබ කියන දේශපාලනය නිසා තමයි රට පස්සට ගිහින් තියෙන්නේ. තමන්ගේ පවුද්ගලික අවශ්‍යතාවයන් වලට මුල් තැන දී තමන්ගේ කාර්යභාරය කුමක්දැයි නොදැන කටයුතු කිරීම නිසා ජනතාවට දේශපාලනය එපා වෙලා තියන එක පුදුමයක් නොවෙයි. තම අමාත්‍යංශය සදහා ගොඩනැගිල්ලක් කුලියට ගැනීමේදී නිකමටවත් රට ගැන හිතුවද කියල හිතන්න බැහැ. මේ වියදම් කරන්නේ මහජනතාවගෙන් අය කරගන්නා බදු මුදල කියල හිතුවද? අනෙක බොහෝ අමාත්‍යංශ කොළඹම තියෙන්න ඕන ඒවා නොවෙයි. ඒ නිසා තමයි අධික ගෙවල් කුලී ගෙවන්න වෙලා තියෙන්නේ. ඔය කවුරුත් රට ගැන හිතුවනම් අපට මෙච්චර දුක් විඳින්න වෙන්නේ නැහැ. අතීතයේ බොහෝ හොඳ දේශපාලකයෝ හිටියා. ඒ නිසා තමයි රට මෙච්චරවත් බේරිලා තියෙන්නේ. ඔබ හිතන්න අවංකවම තම බල ප්‍රදේශයේ ජනතාව හමුවන්න මාසයකට කීවරක් යනවද? ගිහින් තියෙනවද? කියල. දැන් තියෙන්නේ පුද්ගලික පරමාර්තයන් ඉටුකර ගන්න දේශපාලනයක්නේ .
දේශපාලනය නැතිව රටක් ඉස්සරහට යන්නේ නැත
මහජනතාවට දේශපාලකයින් උවමනා නැත! නරක අය කොහොමටත් ඕනෑම නැත.
සුද්දෝ රට තවම පාලනය කරා නම් මෙහෙත් නිකන් ඔස්ට්‍රේලියාව නවසීලන්තය වගේ තියෙනවා. අපේ අය දේශපාලනය කරලා මේක සෝමාලියාවක් වගේ වෙනකන් විනාශ කරලා තියෙන්නේ.
දේශපාලනය නැතුව රටක් ඉස්සහට යන්නේ නැහැ කියන එක අමුතුවෙන් කියන්න දෙයක්ද? කවුද කිව්වේ දේශපාලනය එපා කියලා. අපි කියන්නේ දේශපාලුවෝ එපා කියලයි. 225 ට බෝම්බ ගහන්න කියල ජනතාව කියන්නේ දේශපාලනයට බෝම්බ ගහන්න කියන එක නෙමෙයි, කොලේ වහල ගහන, ඔන්න ඔය වගේ වචන හරඹ කරල ඇත්ත යට ගහන අය එපා කියන එකයි.
දේශපාලකයන් නැති ලස්සන රටක් හදන සොදුරු ඇප් එකක් හදන්න අපේ තරුණ දරුවන් ගේ සිත් යොමුවේවා කියා ප්‍රාර්ථනා කරමි. අනාගතේ එක ප්‍රබල පරිගණකයකින් මේ දේ සිදු වේවි. දිනකට බිලියන පහක් ලැබෙන අපේ සුන්දර දේශය ක්‍රමානුකුලව පරිපාලනයට අපේ උගත් තරුණ පිරිස වෙනම දේශපාලන ප්‍රවාහයක් දියත් නොකරන්නේ මන්ද ?
නමුත් ඔබලා වැන්නවුන්ගෙන් සිදුවුනේ රට ආපස්සට යාමයි.
මේක අරුම පුදුම දේශපාලකයෝ ඉන්න රටක්.
කවුරු මොනවා කිව්වත් දුමින්ද ඔබ කියන කතාව ඇත්ත. ඔබට නිවැරදි අනාගතයක් හිමිවේවා! ජයෙන් ජයම වේවා ඔබට!
අපෝයි ඔව්. ඔබතුමන්ලා නැතිව මිනිසුන්ට හුස්ම ගන්නවත් බැහැනේ..
රට ඉස්සරහට නොගියත් දේශපාලුවෝ හැමදාම ඉස්සරහින් ඉන්නවා
ප්‍රශ්නේ තියෙන්නේ දේශපාලනයේ නෙමෙයි දේශපාලනයේ නියැලෙනවා කියලා පෙන්වාගෙන මහජන මුදල් මංකොල්ල කන අය නිසයි.
ජනතාවට එපා වෙලා තියන්නේ ප්‍රධාන පක්ෂවල්. නමුත් තවම මිනිස්සු වෙනස් වෙලා නැහැ. කවදා හෝ ජනතාවට තේරේවි.
දේශපාලනය යනු බාල මහලු කව්රුත් ප්‍රිය කරන මාතෘකාවක්. නමුත් අප රටේ දැන් ඉන්න දේශපාලකයන් නිසා දේශපාලනය අපි අහන්න දකින්න අප්‍රියම විෂය වෙලා ඉවරයි. කොතන බැලුවත් දුෂණය, භීෂණය සහ මැරකම ඉවවහා ගිහින්. කිව්වත් වගේ ඉස්සර මහත්වරු හිටියා. නමුත් දැන් ඉන්නේ මහත්හොරු. බස් එකේ යන ප්‍රාදේශීය මන්ත්‍රී වරයා ඉතා කෙටි කලකින් ඉන්න තත්වය කාටවත් කියන්න ඕනේම නැහැ. රටකට දේශපාලනය අවශ්‍යයි. කව්රුවත් නැහැ කියන්නේ නැහැ. දේශපාලනය නැතිව රටකට ඉදිරියට යන්නවත් හුදකලා වෙන්නවත් බැහැ. නමුත් දැන් ඉන්න ඉහල සිට පහල දක්වා හොරු ටික නම් අපිට ඕනෙම නැහැ. තමන්, තම වරිගය සහ තම හෙන්චයියන් ගැනම හිතන, මුලික කරුණ වන සමාජ සේවය අමතක කර ජීවත්වන දේශපාලකයින් නිසා දේශපාලනය සාමාන්‍ය ජනතාව වන අපිට නම් වහ කදුරු වගේ. ඉතා අන්ත අසරණ විදිහට දුක් විද හරි හම්බ කරන මුදල නිකන් අපතේ යවන එක ගැන අපිට ඇති දුක කියන්න වචන නැහැ. ඒ නිසා පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට බැරි නිසා ආයාචනය කරනවා මේ දේශපාලකයින් අතු ගෑවිලා යන්න ඉදිරියට එන්න කියලා. රට ගැන, සංස්කෘතිය ගැන, සමාජය ගැන හිතන අවංක ගරු මහත්මයෙක්, මහත්මියක් හෝ මෙනවියක් කරුණාකර ඉදිරියට එන්න. ඉදිරිපත් වෙන්න.
දේශපාලනය නැතිව රටක් ඉස්සරහට යන්නේ නැති එක අපේ ඉතිහාසයේ කියවුනේ මිහිඳු හාමමුදුරුවෝ ලංකාවට වැඩි දවසේ සිට. හැබැයි ඔයාලා දේශපාලනයට ආ දවසේ සිට රට ගියේ පස්සට.