
(අංජුල මහික වීරරත්න සහ සිතුම් චතුරංග)
දේශපාලන සිරකරුවන් නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වව්නියාවේදි අද පැවසීය.
රටේ සියලු ජනතාව එකතු කරන එකම බලවේගය ජාතික ජන බලවේගය බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති අනුර දිසානායක මහතා මේ බව කීවේ වවුනියාවේ පැවති ජනරැළිය අමතමිනි. විවිධ ආරක්ෂක හේතු මත ලබාගෙන තිබෙන උතුරේ ජනතාවගේ ඉඩම් නැවත ඔවුන් වෙත නිදහස් කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී කීය.
උතුරේ ධීවර කර්මාන්තය රැක ගැනීම සඳහා ජාතික ජන බලවේග රජය කැපවී සිටින අතර පලමු අයවැයෙන්ම ධීවර ජනතාව සඳහා ඉන්ධන සහනාධාරයක් ලබා දෙන බවද ජනාධිපති අනුර දිසානායක මහතා කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේද මනුස්සයෝ දේශපාලන සිරකරුවෝ. ඔවුන් ත්‍රස්තවාදී... ඒක එන්නේ නැද්ද?
මෙයා කොටි එළියට දාලා ඒ ඡන්ද ගන්න දත කනවා. එක්කෙනෙක් සාලාව ආයුධ ගබඩා විනාශ කළා, හමුදා බුද්ධි අංශ පාවා දුන්නා , කොටි එක්ක හොර ගිවිසුම් වලට ගියා. මෙයත් ඒ ටිකම කරගෙන යන පාටක් තියෙන්නේ . නිවට දේශපාලනය . බලාගෙන ඉන්නෙ ඇස් ඇරගෙන.
සම්පත්, මයිනෙක් වැරැදි කළාට, ඒ වැරැද්දම සිංහයෙක් කළාට කමක් නැද්ද? මොකක්ද ඔයාගේ තර්කය....?
නිදහස් කරනවා නම් නිදහස් කරන්න ආයේ ලොවෙත් නැතිවෙන්න...
චේගුවේරයන් අපි ගත්තේ, සුරුට්ටුවයි, ඩබල් පොකට් කමිසයයි විතරයි සහෝදරයා...
ඉදිරියෙදි මම තව වර්තා එලියට දානවා. එතකොට බලාගන්න පුලුවන් තත්වෙ.
චන්දෙ ගන්න ඕනි උනාම ඕනිම කෙබරයක් මේ යෝධයා අතාරිනවා..එහෙට එකක්..මෙහෙට එකක්..මොකද්ද මුන්ගෙයි හිටපු උන්ගෙයි වෙනස... අවස්ථාවාදියො
මෙයාගෙ මොකද්දෝ ඇති ඒකයි ඕම කියන්නේ
දෙමළ, සිංහල සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතුයි..., තවදුරටත් මෙම ප්‍රශ්නය දිගින් දිගටම ඇදගෙන යාම නිශ්ඵලයි., උතුර, දකුණු සංහිඳියාව තුළින් සියල්ල බෙදුම්වාදී ආකල්ප නිශේධනය වනු ඇත. මෙයට එරෙහි වන්නේ වීරවංශ, ගම්මන්පිල අවතාර පමණයි...
බොනිකර තරුව...