
(මොහොමඩ් ආසික්)
දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍රකාශ කළාය.
අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය මේ බව සඳහන් කළේ අකුරණ දී පැවැති රැස්වීමකදීය. ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක රියාස් ෆාරුක් මහතා සංවිධානය කළ මෙම රැස්විමේදී තව දුරටත් අදහස් දැක්වූ අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය මෙසෙද සඳහන් කළාය.
සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාව මාලිමාව වටා රොක් වන විට අපේ ප්‍රතිවාදීන් විවිධ දේ කිව්වා.
මුස්ලිම් සහෝදරියන්ගේ හිජාබ් එක ගලවනව කිව්වා. පිරිමින්ගේ රැවුල කපනව කිව්වා. පස් වතාවක් වන්දනා කරන එක තහනම් කරනව කිව්වා. මේවා මුස්ලිම් ජනතාවට කිව්වා බෞද්ධ ජනතාවටත් කතා කිව්වා. පන්සල්වලට දානය දෙන එක නවත්තනව කිව්වා.දළඳා පෙරහැර නවත්තනව කිව්වා .අපි සියලු දෙනාම ආගම ගැන සංවේදියි.අපේ සංස්කෘතිය ගැන සංවේදියි.
ඒකට තර්ජනයක් එනව කිව්වහම ඒක බලෙන් කවුරු හරි වෙනස් කරනව කිව්වම අපි සංවේදි වෙනවා. එහෙම තත්වයක් නිර්මාණය කරන්න ඔවුන් උත්සාහ කරනවා. හැම අවස්ථාවේදීම ජාතිවාදයෙන් ඡන්ද එකතු කරපු ඡන්ද දිනපු අය තමයි මේ පාර පරාජයට පත් වුණේ .ඒ ජාතිවාදි ගැටුම්කාරි දේශපාලන සංස්කෘතිය ඉවර කරනව කියල තීරණය කළේ ජනතාවයි.
මේ රටේ සංස්කෘතින් ගොඩක් තියෙනවා.මුස්ලිම් සිංහල දෙමළ කතෝලික ක්‍රිස්තියානි මැලේ බර්ගර් මේ වගේ ජන කොටස් රාශියක් ඉන්නවා. ඒ හැම ජන කොටසකටම ආගම් තියෙනවා. සංස්කෘතින් තියෙනවා.මේ සියලු දෙනාට ගැළපෙන සමාජයක් අපි හදන්න ඕන.එකිනෙකාට ගරු කරන්න පුළුවන් සමාජයක් හදන්න ඕන.දැන් ජනතාව බය කරන්න හදනවා අපි බලෙන් වෙනස් කරන්න හදනව කියලා අපි බලෙන් මුකුත් වෙනස් කරන්නේ නෑ. ගොල්ල කිව්වා එක රටක් එක නීතියක් කියලා. ඒ ගොල්ල කිව්වේ පාලකයාට එක නීතියක් ජනතාවට එක නීතියක් කියලා .ජනතාවට අදාළ වන නීති ඒ ගොල්ලන්ට අදාළ වෙන්නේ නෑ. මේ රටේ පොදු නීතියක් තියෙනවා.අපි හැමෝම ව්‍යවස්ථාවට යටත්. බලය තියෙන කෙනාට එක නීතියක් බලය නැති කෙනාට තව නීතියක් වෙන්න බෑ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරා කන්න ආණ්ඩු බලය තිබුනේ නැහැනේ මෙච්චර කල්. දැන් පුළුවන් හොරා කන අත්දැකීම් ලබන්න...
දැන් කයිය අඩු කරලා අර පොරොන්දු වුණු විදිහට දේවල් කරන්න පටන් ගත්තා නම් හොඳයි නේද ? තෙල් මිල, බඩු මිල, උපයන විට බදු අඩු කිරීම් වගේ දුන්නු දේවල් එකක් දෙකක් හරි කලොත් හොඳයි නේද ? අර ඇමැතිට මේ ඇමතිට යන කොමිස් එකත් දැන් නැති නිසා ඉතාමත් ලේසියෙන් මේවා කරන්න පුළුවන් නේද ?
ඕවා මතක තියාගෙන ක්‍රියාත්මක කරන්න අනේ...!
බයිලා ගහ ගහා ඉඳලා ඔබලාට මිනිස්සු ඡන්දෙ දුන්නේ... මේ විකාර දැන් දැකලා ඇතිවෙලා. වැඩක් කරන්නේ නැතිනම් දෙල්කඳ පොළට ගිහින් පලා විකුණන්න.
හොරාකාපුවා ඔප්පු කරලම කතා කළොත් හොඳයි නේද? නැත්නම් ඔයාත් ජේවීපී වාචාල නඩයට වැටෙනවා. අනිත් එක, නිහතමානීකම නැති උගත්කමෙත් වටිනාකමක් නෑ...!
බොරුව ජය වේවා !... බොරුවෙන්ම, ඉතා විශිෂ්ඨ ජයක් ලබා ගන්නා බව නම් දැන් විශ්වාසයි... බොරු කීමේ හැකියාව ඉහළ මට්ටමේය. බොරුවෙන්ම කුල්මත් වී මනාපය පල කරමු.
කෝ මගේ මිත්‍රයා කියලා ඇමතුවාට රනිල් ඇතුළට දානවා කියලා ඡන්දේ කාලේ කිව්වා අපිට මතකයි. කෝ හොරු ඇල්ලුවාද? ඔයාලාගේත් කට විතරයි කියලා තමයි කියන්න තියෙන්නේ...
මොකද්ද ඔයාට තියෙන දේශපාලන අත්දැකීම්? අඩු ගානේ නගර සභාවක නාගරික මන්ත්‍රී කෙනෙක්වත් වෙලා ඉඳලා තියෙනවාද? ඔයා පැරෂුට් එකෙන් බැහැපු පින් අගමැති. ඔයාට අඩු ගානේ එළියේ ඉන්න ලාල්කාන්තලාට, හඳුන්නෙත්තිලාට තියෙන දේශපාලන අත්දැකීමෙන් දශමයක් නෑ...!
ඔබලාගේ ලොක්කා අතේ ෆයිල් මිටියක් තියාගෙන හිටියා නේද? කෝ හොරු ඇල්ලුවද? ඔය කියන තරම් හොරකම් කරල තියෙනවා නම් රටක් ඉතුරු වෙයිද?
මැඩම්, ඔබතුමිය දැන් විපක්ෂය නොවෙයි. ආණ්ඩු පක්ෂය. අපට දැන් අවශ්‍ය වන්නේ පරණ කයිය නොව ක්‍රියාවයි. දැනටමත් සෑහෙන හොරකම් චෝදනා කිසිම ක්‍රියාමාර්ගයකින් තොරව නිදොස් වෙලා...
මට මතකයි කවුදෝ කිව්වා වගේ පැය 24න්, 42න් කවුදෝඇතුළට දානවා. යද්දී කෙඳිරි ගාගෙන යනවා වගේ ටොම් පච ටිකක්... ඒවත් එතැනින් අත්දැකීම් ගණයට අයිතියි.
මිනී මරන්න නම් අත්දැකීම් තියනවා නේද?
රටේ සියලු වස් දොස් හොරකමට ඌණනය කිරීමේ ජවිපෙ උපාය ලිබරල්වාදී අමරසූරිය අගමැති හාමිනේටත් වැළඳීම විසින් පෙන්නුම් කරන්නේත් ඇයට ඇති අල්ප දේශපාලන දැනුමයි. නොමේරූ බවයි. පුද්ගලික ජීවිතයේ ලිබරල්කම් රට කරවන්නට නොගැලපෙන බව නෝනා මතක තබා ගත යුතුයි.
ඔබ කතා කරනවා මිස වෙන කිසිවක් නැත. ඔබ අමාත්‍යාංශ කිහිපයක ඇමැතිවරයකු ලෙස කළ එක දෙයක් නම් කරන්න. ඔබ දක්ෂ සද්ද දාන්න විතරයි.
ඔහොම තමයි කාටත් පටන් ගන්නකොට. ටික කාලයක් කරනකොට පුරුදු වෙලා එයි. ඔයා නම් හොරකම් කරන එකක් නෑ. ඒත් අනිත් නම ගමවත් නොදන්නා අය නම් ශුවර් නෑ. මොකද ගම්මිරිස් නානත් ජාතික ලැයිස්තුවේ හිටපු පක්ශෙනේ...
ඔහොම යනකොට පුරුදු වෙයිද මන්දා...?
ඒක නම් ඇත්ත... හිටපු පාලකයෝ හොඳටම දන්නේ හොරාකන්න විතරයි.
හරි ආසයි මාධ්‍යයට පොඩ්ඩක් අමතලා දුවලා යන්න... අර පුනරුදය කවදාද දන්නේ නැහැ ළඟා වෙන්නේ?
හරිනි මට ශ්‍රීමනි ඇතුලත්මුදලිව මතක්වෙනවා. මොකද ඔයාටත් බොහෝවිට වෙන්නේ එයාට දේශපාලනයේදී සිදුවුණු දෙයට සමාන දෙයක්. එයාට සිංහල හොඳින් කතාකරන්න බැරි නිසා එයා ගැලරිය චූන් කරන්න ගියේ නැහැ. එයාගෙයි, ඔයාගෙයි වෙනස ඔන්න ඔච්චරයි. ඔයා දැන් ටිකක් චූන් වෙලා ඉන්නේ. එහෙම වෙන්න එපා. පෙනෙනවනේ මහරජාණෝ අද බලු වෙලා ඉන්න හැටි. ගැලරිය චූන් කරනවා වනුවට ගැලරියට හරි දේ කියලා දෙන්න. අන්න ඒකයි වැදගත් දේශපාලනය කියන්නේ...
ලැවරියා හරියටම හරි. මෙයා මාරයි.. ගැලරිය පොඩ්ඩක් චූන් කරලා ගිහින් ආවෙත් දවස් ටිකකින් ඇවිල්ලා ආයෙත් තුන් පාරක් දාන්න..
කොහේ දේශපාලනය කරලද අත්දැකීම් තියෙන්නේ?