IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


දේශපාලකයන්ට ක්‍රීඩා සංගම් නිලතල තහනම් කරයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

කිසිම ක්‍රීඩා සංගමයක නිලතල සඳහා මින් ඉදිරියට ප්‍රාදේශීය සභා,පළාත්  සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මැති ඇමතිවරුන්ට ඉදිරිපත් විය නොහැකි බව මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අද පාර්ලිමේන්තුවේදී ජාතික රාජ්‍ය සභාවේ ක්‍රීඩා පනත යටතේ නියෝග සම්මත වීමෙන් පසුව ක්‍රීඩා සංගම් පරිපාලනය සඳහා ඉහත දේශපාලකයන්ට ඉදිරිපත් වීමට නොහැකි බව කී මන්ත්‍රීවරයා ක්‍රීඩා සංගම් නිලවරණ සඳහා නාමයෝජනා දෙන්නවත් ඔවුන්ට හැකියාවක් නොමැති වන බව සඳහන් කළේය.

එමෙන්ම නව සංශෝධන යටතේ  මින් ඉදිරියට කිසිම ක්‍රීඩා සංගමයක නිල තලවල වසර අටකට වඩා බහිරවයෝ වගේ රැඳී ඉන්නට නොහැකි බවද මන්ත්‍රීවරයා කීය. "මින් පසුව අප දේශපාලනයෙන් තොර ක්‍රීඩාවක් ඉදිරියට ගෙන යනවා.කිසිම සංගමයක් සම්බන්ධයෙන් අනවශ්‍ය වෛරයක් අපට නැහැ.ඒ වගේම අනවශ්‍ය ලබැදියාවක්ද අපට නැහැ .

බිඳ වැටුණු ක්‍රීඩා යළි ඇරඹීම සඳහා වන වැඩ පිළිවෙල අප ක්‍රියාත්මක කරමින් සිටිනවා.අපට දේශපාලනයක් තිබුණත් ක්‍රීඩා සංගම් දේශපාලනීකරණය කරන්නේ නැහැ.සියලු ක්‍රීඩා සංගම් දේශපාලනයෙන් මුදවා ගැනීම සඳහා වන සංශෝධන අප ඉදිරිපත් කරනවා" යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

 



අදහස් (6)

දේශපාලකයන්ට ක්‍රීඩා සංගම් නිලතල තහනම් කරයි

අරවින්ද මොණරවිල Wednesday, 20 August 2025 02:08 PM

අටත් වැඩියි වගෙයි මට හිතෙන්නේ, උපරිම හයක් තිබුණා නම් ඇති, ඒ වගේම දේශපාලකයින්ගේ ඤාතීන්ටද ඉල්ලන්න බැරි විදියට නීති සම්මත කළ යුතුයි...!

:       3       26

අන්_රWednesday, 20 August 2025 02:36 PM

රුපියල් 1500 දවස් කුලියට අපුල්ලන ඩෝබිලාගේ උපදෙස් වලට වැඩ කලොත් නම් අපිට කෙලවෙනවා... ලොවෙත් නැතිවෙන්න.

:       17       7

අරවින්ද මොණරවිල Wednesday, 20 August 2025 03:55 PM

කුලියට කන්න කොටන එවුන් හිතාගෙන ඉන්නේ, තමන් වගෙයි කියලා අනිත් එවුනුත්, රාජපක්ෂ වික්‍රමසිංහ ප්‍රේමදාස කල්ලියේ එවුන් වගේ නොවෙයි මාලිමාවේ අය..

:       4       9

පන්සිළු Wednesday, 20 August 2025 02:19 PM

ඒවා සේරම මාලිමාකරණය කරලා ඉවරයි.

:       27       13

ප්‍රියා Wednesday, 20 August 2025 04:42 PM

මන්ත්‍රීකමේ හිටියත්, නැතත් කිසිම දේශපාලන පක්ෂයක තනතුරු දරන කිසිවකුත් ක්‍රීඩා සංගම් තනතුරු නොදිය යුතුයි...

:       1       8

fairoos Wednesday, 20 August 2025 05:02 PM

ඉතාම හොඳ තීරණයක්...

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 406 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16750 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site