(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනතාව ඡන්දය දී කොළඹට එවන මහ ජන නියෝජිතයන් නෛතිකව මෙන්ම අනීතිකවත් උපයා ගත් දේ බොහෝ තිබෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පොහොසත් රටක්- ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ රටේ ජනතාව වෙත ප්‍රධාන කාරණා ගණනාවක් ඉදිරිපත් කළා.බංකොලොත් වී තිබූ ආර්ථිකය නැවත ගොඩ ගන්නා බවට වන පොරොන්දුව එකක්.එමෙන්ම පරිහානියට පත් වී තිබෙන දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බවට අප පොරොන්දු වුණා.ඒ වගේම ජාතීන් අතර සමගිය ඇති කරන බවටත්,අල්ලස දූෂණය වංචාවට තිත තබා නීතිය සැමට සාධාරණ කරන බව අප කිව්වා.අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, මත්ද්‍රව්‍ය නිවාරණ, ආදී ප්‍රධාන කාරණා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන්ව තිබුණා.වසරක් ඇතුළත ආර්ථිකය ස්ථාවර කරන්නට අප සමත් වුණා.ඩොලර් මෙන්ම රුපියල් ආදායම මේ වන විට වැඩිකර තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.