(නිමන්ති රණසිංහ)
බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී හමුවූ අත්බෝම්බය තැබූ පුද්ගලයා අත් බෝම්බය තැබූ දිනට පෙර දින ඔත්තු බැලීම සදහා එම දේවස්ථානයට පැමිණ ඇති බවට සී සී ටී වී දර්ශනවල සටහන්ව ඇතැයි රක්ෂිත භාරයේ සිටි දේවස්ථානයේ සන්ක්‍රිස්තියන්වරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අධිකරණයේදී අද (25) සඳහන් කළේය.
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කෙට්ඨාසයෙන් සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවත් ඒ හේතුවෙන් එය එම කොට්ඨාසයේ ඉවත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නිතීඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
මෙම සිද්ධියට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ අද (25) යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර එච්. වීරසේකර, කැට තියලා කිව්වා නේද දේවස්ථානයේ වැඩකරන ක්‍රිස්තියන්වරයා තමයි ඕක තිබ්බේ කියලා...?
පල්ලියේ වැඩ කරන මනුස්සයා ඔත්තු බලන්නේ මොන මල මගුලකටද පල්ලියේ අස්සක් මුල්ලක් නෑර ඔක්කොම දන්නකොට .මේ කතා ගොතන එවුන්ට හරියට කතාවක්වත් හදාගන්න බැරිද ?
මේ සිද්ධිය සහ පරීක්ෂණය පිළිබඳව ලොකු සැකයක් මතුවෙනවා. මුලදී අත්අඩංගුවට ගත්තු දේවස්ථානයේ සේවකයා පාපෝච්චාරණයක් කළා කියලා කිව්වා.. ඔහු තමයි බෝම්බය තිබ්බයි කියලා. දෙවැනියට අත්අඩංගුවට ගත්තු පුද්ගලයාත් පාපොච්ඡාරණයක් කළා කියලා කිව්වා. ඔහු තමයි කිව්වේ බෝම්බය තිබ්බයි කියලා. එහෙම නම් බෝම්බ දෙකක් හමුවෙන්න ඕනේ. නමුත් එක් බෝම්බයක්නේ හමුවුනේ...