(ඩයනා උදයංගනී)

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (7) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව  සහ උතුරුමැද පළාත්වලත්, අම්පාර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

ශ්‍රී ලංකාවට හිරු මුදුන්වීම මේ දිනවල සිදුවන අතර අද (7) දහවල් 12.13 ට ගල්කිස්ස, බොරලැස්ගමුව, කොට්ටාව, බෝපේ, මස්කෙලිය, ගුරුතලාව සහ වැදිකුඹුර යන ප්‍රදේශයන්ට හිරු මුදුන් වනු ඇත.