(ඩයනා උදයංගනී)

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (30)  දිනයේත් සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර, වයඹ සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය  බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

 නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේ ද වැසි ස්වල්පයක් ඇතිවන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය
 
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං  සහ අකුණු අනතුරු ඇති විය හැකි බැවින් අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.