
(නිමල් ජයරත්න)
රටේ යුද්ධයක් නොමැති අවස්ථාවක, සාමකාමී පසුබිමක් තුළ තම ගම්මානයට පිටස්තර ඥාතීන්ට හිතවතුන්ට මෙන්ම පරිත්‍යාගශීලින්ට දින කිහිපයක සිට පැමිණීමට නොහැකි වන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාව මගින් මාර්ග බාධක යොදා තිබීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව පොලොන්නරුව මඩකළපුව මායිම්ව හේන් වගාවේ නිරතව ජීවත්වන දිඹුලාගල දිවුලපතාන ගම්වාසීහු චෝදනා කරති.
මීට දින කිහිපයකට පෙර මීරිගම ප්‍රදේශයේ ගුරුවරුන් දෙදෙනකු තම ගම්මානයේ දිළිඳු පවුල් කිහිපයකට වියළි ආහාර ලබාදීමට පැමිණි අවස්ථාවේදී ඔවුන්ට එම ගමට ඇතුළත්වීමට යුද හමුදාව මගින් ඉඩ ලබා නොදී මාර්ග බාධක යොදා එය වැළැක්වීම කණගාටුදායක කරුණක් බවත් ගම්වාසීහු පෙන්වා දෙති.
1980 දශකයේ සිට දිවුලපතාන ගම්මානයේ සිංහල පවුල් අටසීයකට වඩා පිරිසක් හේන් වගා කරමින් ජීවත් වූ බවත් ඔහු පැවැසීය.
පැවැති යුදමය වාතාවරණය මත ඔවුන් ගම්බිම් හැර තම ඥාති ගම්මානවලට පිටව ගොස් නැවත 2009 ඇති වූ සාමකාමී වාතාවරණය සමග ගම්මානයට පැමිණ හේන් වගාවේ නිරතවන වකවානුවක තමන්ටද ශ්‍රී ලංකා මහවැලිය අධිකාරියෙන් සහ ආරක්ෂක අංශ තම ගම්මානයෙන් ඉවත් කිරීමට බලපෑම් කරන බවද දිවුලපතාන ගම්වාසීහු ප්‍රකාශ කරති.
මඩකළපුව ශ්‍රී මංගලාරාමාධිපති සුමනරතන නාහිමියන් ප්‍රමුඛ මහ සඟරුවන මෙන්ම ගම්වාසින් ඒකරාශිවී ගම්මානයේ බුද්ධ මන්දිරයක් ඉදිකොට එහි තැන්පත් කරන ලද බුදු පිළිමයද අතුරුදන් කිරීම පිටුපස දේශපාලන බලවේගයක් ක්‍රියාත්මක වන බවත්, යුද්ධයක් නොමැති වකවානුවක තමන්ට මෙන්ම තම ඥාතීන්ට එහා මෙහා ගමන් කිරීමේ අයිතිවාසිකම් යුද හමුදාව මගින් උල්ලංඝනය කිරීම බරපතළ ගැටලුවක් බවද දිවුලපතාන ගම්මානයේ වයි.බී. කරුණාවතී මහත්මිය පැවසුවාය.
තම ගම්මානයට ඥාති මිත්‍රාදීන්ට හිතවතුන්ට ඒමට නොහැකි වන පරිදි යුද හමුදා මගින් මාර්ග බාධක යොදා තිබීම පිළිබඳ දිවුලපතාන ගම්මානයේ ජේ.ඒ. මිල්ටන් ජයසිංහ මහතා මෙලෙස පැවැසීය. යුද්ධ කාලයේදී අපි කොටින්ගෙන් බැට කෑවා. වෙඩි උන්ඩවලට පවා මුහුණ දෙමින් හේන් වගා කරගෙන අපේ ජීවිත රැක ගත්තා. අපි රජයෙන් රස්සාවල් ආධාර, උපකාර, ඉල්ලන්නේ නැහැ. අපිට මේ සාමකාමීව වාතාවරණයේ ජීවත්වීමේ අයිතියක් නැද්ද. අපේ ඥාතීන්ට අපේ හිතවතුන්ට අපිට ආධාර උපකාර කරන අයට මේ ගමට එන්න යන්න අයිතියක් නැද්ද කියලයි අපි රජයෙන් අහන්නේ. අපි දැන් ඉතාම අසරණයි. අපට රජයෙන් මොනවත් ලැබෙන්නෙ නෑ. අපට වෙනත් ආධාර උපකාර කරන අයට මේ ගමට එන්න දෙන්නෙ නෑ. අපි දැන් වෙනම ලෝකෙක තනි වෙච්ච මිනිස්සු වගේ අපි ගැන බලන්න ඉන්නේ අම්පිටියේ සුමනරතන හාමුදුරුවන් විතරයි යැයිද ඔහු කීය.
මේ පිළිබඳව කරදියනාරු පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුෂාර හේමචන්ද්‍ර මහතාගෙන් දුරකතනයෙන් කිහිප අවස්ථාවකදීම විමසීමට උත්සාහ ගත්තත් එය අසාර්ථක විය.
මෙම ගම්මානයට පිටස්තරයන්ට යෑමට ඒමට ඉඩ නොදීම පිළිබඳව ප්‍රදේශය භාර යුද හමුදා නිලධාරියකුගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එම ප්‍රදේශයට ජනාධිපතිවරයාගේ උපදෙස් මත තුන්වැනි පාර්ශ්වයකට යෑමට ඉඩ ලබා නොදෙන ලෙසට උපදෙස් ලබාදී ඇති බවයි.
කෙසේ වෙතත් දිවුලපතාන ගම්වාසීන්ට පිටට යෑමට බාධාවක් නොවන බවද ඔහු සඳහන් කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොන පවුකාර වැඩද? මේකට අපි හැමෝම විරුද්ධ වෙන්න ඒනේ.
නිවට පිං රජා කොට් ඡන්ද සහ එළු ඡන්ද බලාගෙන සිංහල අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා. නමුත් මෙය සංහල රට වග ඔහුට අමත වෙලා.
අරගල සුනඛයිනි, එකින් එක මේ ලැබෙන්නේ තොපේ උත්සාහයේ ප්‍රතිඵලයි. සාපවේවා!
පලස්තීන යේ තියෙන ගමක් වෙන්න ඇති
ජනාධිපති මේ අසරණ මිනිසුන්ව නොමරා මරන්නේ කුමන පදනමකින්ද. කොහොමත් එයාට කවදාකවත් දුප්පතාගේ දුක දැනුන කෙනෙක් නෙමෙයි. පාසැල් දරුවන්ගේ ගැටළු සොයා බලන විටත් ඒක අහන්නේ රාජකීයේ දරුවන්ගෙන්. එයා හිතනවා ඒක තමයි රටේ සමස්ථ දරුවන්ගේ ගැටළු කියලා. ඊට පස්සේ කියනවා පාසැල් දරුවන්ගේ ගැටළු විසදුවා කියලා. එහෙම කෙනෙකුට කොහෙද මේ මිනිසුන්ගේ දුක වේදනාව දැනෙන්නේ?? ජනතාව දැන්වත් තේරුම් ගත්තොත් හොදයි අපේ පාලකයින්ගේ තරම.
හෙණ හතම ගහන්න ඕනෑ. දෙමළුන්ට රට පුරාම ඉන්න පුළුවන්...!
''කෙසේ වෙතත් දිවුලපතාන ගම්වාසීන්ට පිටට යෑමට බාධාවක් නොවන බවද ඔහු සඳහන් කළේය'''. පිට කරගන්න තමා උවමනාව
හීන් නූලෙන් රට කරවන ආණ්ඩු, ජනතාව මෙහෙම අපහසුතාවයට පත්කිරීම තරයේ හෙලා දකිමු...
එහෙම තමයි රනිල් සුලු ජාතික ඡන්ද එකතුකරගන්නේ...!
දිවුලපතාන කියන්නේ නමින්ම සිංහල ගමක්. මේ වඩුග පාලකයාට සිංහල රටේ සිංහල මිනිස්සු පිටස්තරයෝ වෙලා ගම්මිරිස් හොයාගෙන ආපු හම්බයෝ සවදේශිකයෝ වෙලා. මෙන්න පාහර අරගල කාරයෝ, රැට්ටා, බෙට්ටා, බට්ටි වගේ එවුන් රටට කරපු හේනේ. ගෝඨාභයේ බලයේ සිටියා නම් රටේ හම්බයෝ වැජඹෙන්නේ නැහැ.
දැන් ඒ හම්බරටට යන්න VISA නිකුත් කරන්නේ කොහෙන්ද? සිංහල ජාතියට ආදරේ කරන කෙනෙක් මෙයාට නම් ලබන සැරේ ඡන්දෙ දෙන්න එපා... ජෙප්පන්ට දෙන්නත් එපා. බෝම්බ කාරයාගේ තාත්තා ඒබ්‍රහිම්ට මන්ත්‍රීකමක් දෙන්න හැදුවේත් ජෙප්පෝ...!