
අද රාත්‍රී 7.45 වන විට දිවුලපිටිය කොරෝනා පොකුරේ විශාලත්වය රෝගීන් 1034 ක් වී තිබේ.
මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් සිව් දෙනකු සහ වැලිසර ඇඟලුම් ආයතනයේ එක් අයකුට කොරෝනා අසාදිත යැයි හඳුනාගැනීමත් සමගින් අද සවස වන විට රෝගීහු 1028 ක් සිටියහ. නමුත් පසුව ඇඟලුම් කම්හලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 5 දෙනකුට සහ ආශ්රිත තැනැත්තෙකුටත් කොරෝනා වැළඳී ඇති බව තහවුරු වීම හේතුවෙන් දිවුලපිටිය කොරෝනා පොකුරේ සමස්ථ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1038 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි අද දහවල් වාර්තා වූ ඇඟලුම් සේවිකාවන් සංඛ්‍යාව 190 ක් වූ අතර ඒ සමගම වයිරසය ආසාදනය වූ ඇඟලුම් සේවිකාවන්ගේ සංඛ්‍යාව 1000 ඉක්මවා ගියේය. මේ වන විට මිනුවන්ගොඩ රෝහල කොරෝනා රෝගීන් සඳහාම වෙන්කර ඇති අතර මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලද කොරෝනා වයිරස ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන්කර තිබේ.

COMMENTS
වැඩේ බොහෝ දුර යන ලකුණු තමයි පේන්නේ.. වැඩේ තවත් දුර ගොස් ක්‍රියාමාර්ග ගන්නවාට වඩා දැන්ම යමක් කොට රෝගය පාලනය කරගැනීම වැදගත් නේද?
තාම මාසේ මුල. දිනපතා සුළු සුළු වැඩ කරලා ආදායම හොයා ගත්ත මිනිස්සුන්ට වැඩට යන්න විදිහක් නැත්නම්, කලින් දුන්නු රුපියල් 5000 දීමනාව මේ මාසේ ඉඳන් නැවත දෙන්න වැඩ පිළිවෙලක් හදනවද? පාර්ලිමේන්තුව වැහැව්වා නම් ඒකට දිනකට වැය කරන විශාල මුදල ඉතුරු කරගන්නත් පුළුවන්.
කෝ මේ රාජකීය වෙදතුමා?
ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් ලංකාවට ගොඩ බැහැපු, නිරෝධායනය නොවුණු ඉන්දියන් ජාතිකයින්ට පින්සිද්ධ වෙන්න අපේ රටටත් කොරෝනා මිත්‍රයා පැමිණියා. ඔය ගාමන්ට් කෙල්ලෝ පස්සේ නොයා අපේ ගෙවල් පැත්තේත් ආවා නම්, මම නම් සලකනවා කොරෝනා මිත්‍රයාට හොඳට? චීනෙන් ආපු කොරෝනා මිත්‍රයාට නොසලකා කොහොමද, අපේ අනාගත පරම්පරාව ලංකාවේ යහතින් ජීවත් වෙන්නේ?
වියත්මගේ අනුහසින්, ආණ්ඩුවේ ප්‍රධානියෙකුගේ අතහිතින්, පැමිණි ඉන්දියන් කොරෝනාව 20ට ආශීර්වාදයක් නොවේද?