(නිමල කොඩිතුවක්කු)
දේවාල ගානේ ගොස් සීල ව්‍යාපාර පවත්වා ඒවායින් අනිශංස ලබාගෙන මෙවැනි ව්‍යසනකාරි තත්වයන් නිරාකරනය කර ගත නොහැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියෝ කොළඹදී පැවසූහ.
රාජගිරිය පිහිටි පිහිටි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කාර්යාලයේ අද (26) පැවති මාධ්‍ය හුමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දඹර අමිල හිමියෝ මෙසේද කීහ.
‘‘වැඩිහිටි කියමනක් තියෙනවා ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැක ගන්නේ කියලා. ඒ නිසා අපි බලන්න ඕන නැවත මෙවැනි දෙයක් වළක්වගන්නේ කොහොමද කියලයි.
දේවාල ගානේ ගිහින් සීල ව්‍යාපාරයක් කරලා ඒවායින් අනිශංස ලබාගෙන මෙවැනි තත්වයක් වළක්වා ගන්න බැහැ. එහෙම නැතුව මහනායක හිමියන් බැහැ දැකලා, කාදිනල් තුමා බැහැ දැකලා අනේ අපේ රට ආරක්ෂා කරන්න කියන ඉල්ලිම් වලින් මේ වෙලාවේ වැඩක් නැහැ.
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මේ මොහොතේ රට පත්ව තිබෙන තත්වයට මුහුණ දීමටනම් අපි වෙනත් ක්‍රියාමාර්ගවලට යොමුවිය යුතුයි. ලෝකයේ මෙවැනි ව්‍යසන වුනහම ඒ රටවල බුදධිමත් පාලකයන් ගත් ක්‍රියාමාර්ග ඕන තරම් තියෙනවා. අපිත් එවැනි ක්‍රියාමාර්ග වලට යොමුවිය යුතුයි.
මේ ත්‍රස්තවාදයත් එක්ක හරියට හැප්පෙන්න ඕන. ඒ සඳහා මේකත් එක්ක එයට වඩා පුළුල් යුධමය බලවේගයක් ගොඩනැගිය යුතුයි. මේ න්‍යායන් දන්න කෙනෙක් මෙහි නායකත්වය සඳහා යෙදවිය යුතුයි’ යැයිද උන්වහන්සේ එහිදී පැවැසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් කෙනත් එළියට ඇවිත් ඉන්නේ... ඔව් අපි ඔහේ කියනකම් තමා හිටියේ..
ඔබ වහන්සේට දැන්වත් තේරුණා නම් හොඳයි.
කල්ක්‍රියාවෙන් පෙනෙන්නේ කන්ට දෙන්ට විදිහක් නැති හේතුවෙන් දෙමාපියන් විසින් කුඩාකල සසුනට බාර දීමෙන් පසු බඩගින්නට අහිංසක බෞද්ධයන් දුක් මහන්සියෙන් වෙරවීරියෙන් උපයා කර්මඵල අදහා පූජා කරන බුද්ධබෝග පරිහරණය කර අතුරුඵල ලෙසයි. මෙහෙම ලිව්වාට පව් නැත. අපද නිවන් දකින්නට පැවිදි වූ, ඒ නිවන් මඟ වඩින, ඒ නිවන් මඟ සිවුවනක් පිරිසට කියාදෙන උතුම් මහ සඟරුවන නිති බැහැදකින්නන්ය. එබැවින් භික්ෂූන් වහන්සේලා සහ චීවරධාරීන් වෙන් වෙන්ව හඳුනා ගන්නට අපට හැකිය.
ඔබවහන්සේ හරි. දේවාල ගානේ ගිහින් මේවා විසඳන්න පුලුවන් නම්... දෙයියෝ මේවා දිහා බලනවා නම් මේ අපරාධ වෙන්නේ නෑ. බුදු හාමුදුරුවෝ දේශනා කලේ නිවනට යන මග... එ්ත් අපරාධකාරයන් එ් මග නොයා අපිත් එක්කරගෙන දෙවියන් ළඟට යන්න හදනවා නම්. අපිට දෙවියන් ළඟට යන්න වුවමනා නෑ කියලා ඔවුන් දෙවියන් ළඟට කඩිනම්න් යැවිය යුතුය. මේ අවස්ථාව දඩමීමා කරගෙන සියළු අන්තවාදයන් ජාතිවාදයන් බෙදුම්වාදයන් මුලිනුපුටා දැමිය යුතුය.
මොකෝ යහපාලන කතා ඉවරද?!!!. රටම විනාශයට ඇදලා දැම්මා ...!!!
ඔන්න එළියට බැහැලා කාලෙකට පස්සේ... කාගෙන්හරි මොකුත් හම්බවෙලා වගේ මේ පාරත්...
පහුගිය දවස් ටිකේම ඔබ වහන්සේයි, අර මහාචාර්යතුමයි, ලැම්බෝගිනි කට්ටියවයි ගොඩක් දෙනෙක් හෙව්වා. අැයි ආරංචි නැද්ද? කොහෙද වැඩහිටියේ අපේ හාමුදුරුවනේ? වෙනස ෂෝක් නේද?
සන්තෝසමක් ලැබුණා නේද?
හලෝ ඔයගැන කලින් කතා කරපු අයට ඔහේ කීවේ ජාතිවාදීන් කියලා නේද? ඔහේලා සාධාරණ සමාජයක ඉන්නවා නම් ගෑස් එකෙන් වැටුප් ගන්න එක සාධාරණද? ඔබ සමග ගනුදෙනු කරපු අයෙක් පාපකර්මයට අසුවන්නේ නැත.
දැන් ඉතින් හරි නොවැ ඔයාලට බාර දුන්න වැඩේ කලානේ
ඔබ වහන්සේ දැන්වත් මේ ආණ්ඩුව ගැන තේරුම් ගන්න...
දහමත් අමතක වෙනවා. ඇත්තට මොනවා කියන්නද මොනවා ලියන්නද නෑ මට වැටහෙන්නේ...?
ගෑස් වල බලය ඔය සියල්ලට වඩා ප්‍රබලයි
අහා මේ ඉන්නේ...!!! රට කාලා, ඩොලර් ගිලපු නඩේ...
කොන්ද පණ නැති වගකීම් විරහිත ආණ්ඩුවක් පත් කර එහි විනාශකාරී විපාක අත්දකිමින් සිටින කාලයක් එළැඹ ඇත. සිරිසේන ජනාධිපතිට පින් සිද්දවෙන්න ලංකාව තුළ පොදු අපේක්ෂකයා සංකල්පය ජනතාවට පිළිකුල් වී ඇත. මේ ආණ්ඩුව පත් කිරීමට මුල් වූ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය, පුරවැසි බලය, අද සිරිසේනට බනිමින්, ගෝලීය ත්රස්තවාදයක් ගැන කියමින් අත සෝදාගනියි. රාජපක්ෂලාට හෝ එවකට ආණ්ඩුවේ දූෂිත නිලධාරීන් යැයි කියන අයට නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබා දී නැත. ඒ අනුව ඒ කළ චෝදනා අතිශයෝක්තියෙන් ගෙන හැර පෑ සිරිසේනගේ වචන වලින් කියනවා නම් දේශපාලන කතාය.
මේ එන්.ජී.ඕ. ඩොලර් කාක්කා දැන් මොනවාද කියවන්නේ. මේ අය තමයි පාලකයින්ව පත් කරගෙන රට පාවා දෙන්නේ.
දානෙ ගෙනාවා. කාලා සැතපිලා ඉන්න හාමුදුරුවනේ. කළ සේවේ හොඳටම ඇති
ත්‍රස්තවාදය ට උඩගෙඩි දීල... ආණ්ඩුව සතුටු කරලා..... දැන් එනවා බණ කියන්න.....