(නිමන්ති රණසිංහ)
දිවයින පුරා වෛද්‍යවරු 209 දෙනකුට කාරෝනා ආසාදිත වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
මේ වන විට වෛද්‍යවරු 30ත් 40ත් අතර ප්‍රමාණයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, එක් වෛද්‍යවරයෙක් අසාධ්‍ය තත්ත්වයෙන් හදිසි ප්‍රතිකාර ඒකකයක ප්‍රතිකාර ලබන බවද එම සංගමය සදහන් කරයි.
ගාල්ල කරාපිටිය රෝහලේ හදීසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඉඳුරුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා එසේ අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවද එම සංගමයයේ ප්‍රකාශකයෙක් පැවසීය.
කොරෝනා වයිරසයේ සංකූලතා හේතුවෙන් මේ වන විට වෛද්‍යවරු තිදෙනකු මියගොස් ඇති බව ද එම ප්‍රකාශකයා සදහන් කළේය.
කෑගල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා, රාගම රෝහලේ වෛද්‍යවරු දෙදෙනකු කොරෝනා රෝගයෙන් මේ වන විට එසේ ජීවිතක්ෂයට පත්වූ වෛද්‍යවරු තිදෙනාය.
වෛද්‍යවරුන්ට කොරෝනා රෝගය වැළැදීම ඉතාමත් වේගයෙන් සිදුවන බවත් වෛද්‍යවරුන් ලෙඩවීමෙන් ළඟම ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කළ යුතුව ඇති බැවින් වෛද්‍ය ක්ෂේත්රයේ බොහෝ පිරිස් සේවාවලින් ඉවත් විම තුළ විශාල අර්බුදයක් මතුව ඇතැයි ද එම සංගමය වැඩිදුරටත් පැවසීය.
කොරෝනා ආසාදිත වෛද්‍යවරුන් අතර, කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් 27 දෙනකු හෝමාගම රෝහලේ වෛද්‍යවරුන් 17 දෙනකු ද ඇතුළත්ව ඇති බව ද ආරංචි මාර්ග සදහන් කරයි.
මේ අතර, දිවයින පුරා පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1000කට පමණ මේ වන විට කොරෝනා ආසාදිතව ඇති බවට තොරතුරු තහවුරු වී ඇති බව ද ආරංචි මාර්ග සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැබෑ ලෙසම සෞඛ්‍ය ක්ෂේත්රයේ සේවයේ නියුතු වෛද්‍යවරු හා හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩල බිය වද්දා, කලකිරීමක් ඇතිකොට රාජ්‍ය රෝහල් පද්ධතිය තුල ගැටලුකාරී තත්වයක් ඇති කොට, පෞද්ගලික රෝහල් තුළට ජනතාව අද්දවා ගැනීම තමයි මේ "ගොමා මාෆියා කල්ලියේ" අරමුණ වන්නේ. පවතින තත්වය හමුවේ, වෛද්‍යවරු කිහිප මියයාම ඉතාම කණගාටුදායක තත්වයක් වන අතර, රජය මීට වඩා රජයේ රෝහල්වල සේවයේ නියුතු වෛද්‍යවරු ඇතුළු සේවක සේවිකාවන් හට උපරිම පහසුකම් සැපයිය යුතුයි. මාෆියා කල්ලි නායකයින් හා දොස්තර මුදලාලිලා මෙවැනි ව්‍යවසනකාරී වාතාවරණයක් තුළ පලායාමට උත්සාහ කරන නමුත් තම දිවි හිමියෙන් කටයුතු කරන සියලුම සෞඛ්‍ය සේවකයින්ට අපගේ ආශිර්වාදය පුදකළ යුතුයි. සාමාන්‍ය කොවිඩ් රෝග තත්වයක් තුළ පවා පෞද්ගලික රෝහල් වලට හා එම රෝහල් වලට අනුයුක්ත හෝටල් වලට රෝගීන් අනුයුක්ත කිරීමෙන් අත්‍යවශ්‍ය හදිසි තත්වයකට පත්වෙන රෝගීනට රෝහල් ගතවීමට නොහැකි වන තත්වයේ අසාධාරණයක් සිදුවෙන බව මේ දොස්තර කල්ලියට නොහැඟෙන්නේ මන්ද? දොස්තර මාෆියා කල්ලි සතුව ඇති මුදල් නිසි විගණනයකට ලක්කොට එම මුදල් රාජසන්තක කොට, මෙවැනි හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගානෙම රජයේ වගකීම විය යුතුයි...
GMOA, ලංකාව කනවා.. WMHO ලෝකයම කනවා.
උදේ ඉඳන් මාධ්‍ය සාකච්චා තියලා අපිට උපදෙස් දෙනවා කොරෝනා වලින් බේරෙන්න කොහොමද කියලා.