
(එම් .සුසිල් ප්‍රියන්ත සහ හේමන්ත ද සිල්වා)
කොස්ගොඩ දූවේමෝදර ගගේ දිය නෑමට ගොස් අතුරුදහන්ව සිටි සියාගේ හා හය හැවිරිදි නිවුන් මුණුපුරන් දෙදෙනාගේ සිරුරු සොයාගත් බව කොස්ගොඩ පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ගාල්ල ශාන්ත ඇලවීසියස් විද්‍යාලයේ එක වසරේ ඉගෙනුම ලබන සය හැවිරිදි ගාල්ල දඩල්ල ප්‍රදේශයේ පදිංචි සවික සක්විදු කන්දඋඩ හා සහික සස්සිදු කන්දඋඩ නිවුන් සොයුරන් හා ඔවුන් දෙදෙනාගේ සියා වන කොස්ගොඩ නාපේ පදිංචි ඉන්දික මෙන්ඩිස් නමැති හැටදෙහැවිරිදි අයකුගේ බවද පොලීසිය කියයි.
නාවික හමුදාවේ කිමිදුම් අංශයේ කණ්ඩායමක් දියේ කිමිදී මේ තිදෙනාගේම සිරුරු සොයා ගත් බවද පොලීසිය කියයි.
සිය දියණියගේ නිවුන් දරුවන් දෙදෙනා සමග මේ තැනැත්තා දිය නෑමට ගොස් සිටියදී මේ අනතුරට ලක්වී ඇති බවද පොලීසිය කියයි.




-----------------------------------------------------------------------------------------------------------------------------------
(එම් .සුසිල් ප්‍රියන්ත)
කොස්ගොඩ දූවේමෝදර ගගේ දිය නෑමට ගිය සියා හා හය හැවිරිදි නිවුන් දරුවන් දෙදෙනකු මීට ස්වල්ප වේලාවකට පෙර ගසාගෙන ගොස් අතුරුදහන්වී ඇතැයි කොස්ගොඩ පොලීසිය කියයි.
අතුරුදහන් නිවුන් පිරිමි දරුවන් දෙදෙනා සය හැවිරිදි බවත් ඔවුන්ගේ සීයා හැට දෙහැවිරිදි බවත් පොලීසිය කියයි.
ඔවුන් තිදෙනාම කොස්ගොඩ පදිංචිකරුවන් බවද පොලිසීය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කණගාටුදායකයි . ගන්ගේ, මුහුදේ නාන්ඩ ගිහින් කොයිතරම් ජීවිත අහිමි වෙනවද ? අවදානම් බව දැන දැනත් මොනවට යනවද?
මේ දුක් උහුලන්නේ ජීවත් වන අයයි. කරුණාකර යලිත් මෙවැනි පුවත් අසන්නට ඉඩ නොතබා වැඩ කිරීමට සැවොම සිතට ගමු.
රට වටේට මුහුද.. ගංගා, ඇළ, දොළ පිරුණු අපේ රටේ පීනන්න දන්නේ කීයෙන් කීදෙනාද? මෙවන් කණගාටුදායක පුවත් අසන්නට නොලැබේවා..!!!