(චන්දන ප්‍රනාන්දු)
රටේ පැවති අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් පාසල් නොපැවැත්වුණු මාසයක කාලය තුළ අධ්‍යාපන සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති හෙයින් එය යථා තත්වයට පත්වන තුරු දෙවන පාසල් වාර අවසාන විභාගය නොපවත්වන ලෙස ලංකා විදුහල්පති සංගමය අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
රටේ සිදු වූ ඛේදජනක තත්වයන් හේතුවෙන් දරුවන් මානසිකව යම් බිඳවැටීමකට ලක්ව ඇති හෙයින් මෙම පාසල් වාරයේ ඉගැන්වීම කටයුතු සමග සිසුන්ට සුපුරුදු කාලසටහනට හුරුවීමටද කාලයක් අවශ්‍ය බව ලංකා විදුහල්පති සංගමයේ ප්‍රධාන ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.
ඒ නිසා සිසු මනසට තවත් වෙහෙසකාරී තත්වයක් ඇති නොකර එම සිසුනට මනෝ උපදේශ සේවයක් පාසල් තුළ ඇරැඹීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ලේකම්වරයා පැවසුවේය.
අධ්‍යාපන බලධාරීන්ට වඩා පාසල් තුළ පවතින සැබෑ තත්වය පිළිබඳ අවබෝධයක් ඇත්තේ විදුහල්පතිවරුන් වන තමන්ට බවත්, තම සංගමය විසින් එම තත්ත්වය හා සිසුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් අධීක්ෂණය කර මෙම තීරණයට එළඹුන බැවින් මේ සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙස තමන් ඉල්ලා සිටින බවත් ලංකා විදුහල්පති සංගමය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාර විභාග වෙනුවට වෙනත් විකල්ප අවශ්‍යයි. මේ යල්පැන ගිය වාර විභාග දිගටම නැති කර සිසු පෞරුෂය සංවර්ධනය කරන ඇගයීම් ක්‍රමයනට යමු
රටේ පොල් හරක් ඉන්නේ. ළමයින්ගේ අනාගතේ විනාශ කරන ආණ්ඩුවයි, බලධාරීන් ගෙදරයවන්න ඕන
මීට වඩා බෝම්බ පුපුරනවිට , මීට වඩා යුද පසුබිමක අපේ දරුවෝ පාසල් වැඩ හරියට කරා, උතුරේ ළමයි මීට වැඩිය යුද පසුබිමක සාර්ථකව වැඩ කරගත්ත.
රටේ ඇතිවූන අනාරක්ෂිත බවට රටේ නායකයා ආරක්ෂක ඇමති වශයෙන් සම්පුර්ණයෙන්ම වග කිව යුතුය තවද පාසල් පටන් ගැනීමට කල් ගතවූ සති තුනක කාලයට අදාල විෂයන් වල පම වූ පාඩම් කොටස් පාසල් කාලයෙන් පසුව පැයක දෙකක කාලයක් යොදවා සහ සෙනසුරාදා දිනයේද මසක් කාලයක් පවත්වා ආවරණය කල හැකිවන්නේය.
මේ විදුහල්පතිලත් ඉපදිලා තියෙන්නේ 2009 න් පස්සෙද?