(ඩයනා උදයංගනී)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනයට කාරක සභා අවස්ථාවේ දී අනවශ්‍ය සංශෝධන එක් කළහොත් එයට පක්ෂව ඡන්දය භාවිතා නොකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

විශේෂයෙන්ම ද්විත්ව පුරවැසි භාවය ඇති අයට ජනාධිපතිධූරයට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්විය නොහැකි බවට වන වගන්තිය කාරක සභා අවස්ථාවේදී ඉන් ඉවත් නොකරනු ඇතැයි විශ්වාස කරන බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ එම පක්ෂ මූලස්ථානයේදී අද (21) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම ඡන්ද විමසීම අද (21) පැවැත්වීමට ඉඩ ඇති බව සඳහන්ය.