IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දේවගැති ජෙරම් අත්අඩංගුවට ගන්න පුළුවන්

ඉන්දිකා රාමනායක

බුදුන් වහන්සේට සහ බුදු දහමට අපහාස වන අයුරින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ බව කියන සිද්ධියෙන් පසු සිංගප්පූරුව බලා ගිය දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා දිවයිනට පැමිණි පසු අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවැසීය.

ඔහු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ නියෝගයක් ලබාගෙන ඇති හෙයින් ඔහු මෙරටට පැමිණෙන අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ හැකියාව ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ඔහු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හෙළිවන කරුණු අනුව මුදල් විශුද්ධිකරණය යටතේ ද විමර්ශනයක් සිදුකිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

බුදුන් වහන්සේට සහ බුදු දහමටත් තවත් ආගම් කිහිපයකටත් අපහාස වන අයුරින් මහනුවර ප්‍රදේශයේ සම්මන්ත්‍රණයක දී ඔහු පසුගියදා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගය පරිදි ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබිණි.

එම පැමිණිල්ලට අමතරව, දේවගැතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා භික්ෂූන් වහන්සේලා සහ විවිධ සංවිධානවලින් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 6ක් ලැබී ඇත.

මෙම විමර්ශන අතරතුර දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඉකුත් 15 වැනිදා අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත.

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාට රටින් පිටවීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ද  තහනම් නියෝගයක් නිකුත් කළේය.



අදහස් (3)

දේවගැති ජෙරම් අත්අඩංගුවට ගන්න පුළුවන්

බද්රානි Wednesday, 17 May 2023 10:00 PM

මොංගල් කාරයින්ගේ විකෘර්ති දේශනා මදිවාට, කුලප්පු උන මිනිස්සු හූ කියනවා, ඒ මදිවට බල්ලෝ උඩු බුරනවා. හැංගිලා හිටපු නරි හූ තියනවා.. පුදුම කන් කරච්චලයක් තියෙන්නේ මේ දවස් වල. ඒ මදිවාට ඔහු ලංකාවෙන් පැනලත් ගිහිල්ලා. මට තියන බය මේ අලකලංචි අස්සේ රට, ජාතිය, ආගම බේරගන්න දියසෙන් කුමාරයෙක් පහල වෙයිද කියලයි. අනේ මන්දා, මේ විපරීත භුමියේ සිදුවෙන දේවල් ගැන හිතා ගන්න බැරුවයි මේ මම ඉන්නේ. අන්තිමට ඉතින්ක,න්න නැතත් ඉන්න රටක් ඕනි කියලනේ මේ අමනයෝ දඟලන්නේ...

:       0       1

මඩ පාස්ටර් Thursday, 18 May 2023 07:58 AM

මඩ ගහන පාස්ටර් = මඩ පාස්ටර්

:       0       2

prasanna Thursday, 18 May 2023 09:01 AM

ඔය හිඟන්නා කියන දේවල් ගණන් ගන්න හොඳ නැහැ .ඕකුන් මුදල් වලට වැදූ මවත් පාවා දෙයි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site