(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රාජ්‍ය දැව සංස්ථාව පසුගිය වර්ෂයේදී රුපියල් කෝටි 150 කට ආසන්න ලාභයක් උපයා ඇතත් ඉන් රාජ්‍ය භාණ්ඩාගාරයට යොමු කර ඇත්තේ රුපියල් කෝටි දහයක් පමණක් බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝප් කමිටුව ) තොරතුරු අනාවරණයවී ඇත.
රාජ්‍ය ආයතන උපයන ආදායම් නිසි පරිදි රාජ්‍ය භාණ්ඩාගාරයට එවීමට ඒවායේ ප්‍රධානීන් වගබලා ගත යුතු බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.
සභාපතිවරයා මෙසේ පැවසුවේ රාජ්‍ය දැව සංස්ථාවේ 2019 සහ 2020 වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා පරීක්ෂා කිරීම සහ කාර්ය සාධනය ඇගයීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 22 වැනිදා පැවැත්වුණු සාකච්ඡාවේදීය.
එම සංස්ථාවේ ප්‍රධානීහු මෙම සාකච්ඡාවට කැඳවනු ලැබ සිටියහ.
සංස්ථාවේ සභාපතිවරියගේ සහයට උපදේශකවරුන් දෙදෙනකු හා රියදුරුවරයකු අධ්‍යක්ෂ මණ්ඩල අනුමතිය සහිතව පමණක් බඳවා ගැනීම සම්බන්ධයෙන්ද කෝප් කමිටුවේ විශේෂ අවධානය යොමුවිය.
එසේ බඳවා ගත් උපදේශකවරයකුට දිනකට රුපියල් 2,850 බැගින් වූ දීමනාවක් 2019 පෙබරවාරි 12 වැනිදා සිට සැප්තැම්බර් 03 දක්වා කාලය සඳහා ගෙවීම් කර තිබූ බව කෝප් කමිටුවේදී තොරතුරු අනාවරණයවී ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දැව සංස්ථාවෙන් භාණ්ඩාගාරයට කෝටි 140ක පොල්ලක්
ravin Wednesday, 27 April 2022 06:30 PM
මරු සිරාගේ ‘‘හිතුමතේ ජීවිතේ‘‘ පච්චය හැමෝම කොපි කරලා වගේ...