IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දිලිප් වෙදාරච්චි සභා ගැබේ බිම ඉඳ ගනී

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ධීවරයන් මුහුණ දී සිටින ප්‍රශ්නවලට අයවැයෙන් විසඳුම් නැතැයි කියමින් සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා අද (21)පාර්ලිමේන්තු සභා ගැබ මැදට පැමිණ බිම වාඩිවී විරෝධය පළ කළේය.

2023  අය-වැය විවාදයේ  සිය කතාව කිරීමෙන් අනතුරුව සභා ගැබ මැදට පැමිණි දිලිප් වෙදාරච්චි මහතා මෙලෙස බිම ඉඳ ගත්තේය.

බහු දින යාත්‍රා දින ගණන් මුහුදේ ගිහින් මාළු අල්ලාගෙන එන බවත් ඔවුන්ට නියමිත මිලක් නොලැබෙන අතර 21වැනිදාට යෙදෙන ජාතික ධීවර දිනයේ දී ධීවරයා අනාථ වී ඇති බවත් මන්ත්‍රීවරයා කීය.

විදෙස්  නැව් පැමිණ ලංකා මුහුදු සීමාවේ මාළු කොල්ලකාගෙන යන බවද චීනයේ සිට හොර රහසේ ලින්නා මාළු ලංකාවට ගෙන්වීම නිසා ලංකාවේ ධීවරයන් අල්ලන මාළු විකුණා ගන්නට නොහැකි වී තිබෙන බවද වෙද ආරච්චි මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ද දැනුවත් කොට  ජනාධිපතිවරයා ද දැනුවත් කළ බව කී දිලිප් වෙදාරච්චි මහතා ධීවර අමාත්‍යවරයා ද අදාළ කාරණය පිළිගත් බව සඳහන් කළේය.

අනතුරුව සිය පාර්ලිමේන්තු කතාව අවසන් කළ වෙදාරච්චි මහතා පාර්ලිමේන්තුව අවසන් වනතුරු  සභා ගැබ මැද උපවාස කරන බව කියමින් මැදට පැමිණි එහි බිම ඉඳ ගත්තේය.

එම අවස්ථාවේ මුලසුනේ සිටි නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා වෙදාරච්චි මහතා ගෙන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා අසුනට ගොස් වාඩි වෙන ලෙසයි.

විනාඩි 10 ක පමණ කාලයක් මහා ගර්භයේ මැද බිම ඉඳගෙන සිටි දිලිප් වෙදාරච්චි මහතා අනතුරුව සිය අසුනට ගියේය.



අදහස් (4)

දිලිප් වෙදාරච්චි සභා ගැබේ බිම ඉඳ ගනී

මහසෙන් Monday, 21 November 2022 02:28 PM

ඇයි අමු මාලූ කළා නැද්ද? මෙහෙමත් විගඩං.මේක දැන් තනි කර පිස්සන් කොටුවටත් එහා.ලොක්කාටම තකට තක ගෝලයෝ.

:       0       13

sharm warn Monday, 21 November 2022 02:30 PM

මෙයාට අමුවෙන් මාලුවෙක් ගෙනත් දුන්නා නම් වැඩේ විසඳෙන්න තිබුනා .මෙහෙමත් රඟපෑම්

:       0       11

දාස Monday, 21 November 2022 02:33 PM

මේ මුන්ගෙ සංදර්ශන , මිනිසුන්ව අන්දවන්න , චන්ද ටිකට කෙලින්න.

:       0       14

sena Monday, 21 November 2022 02:48 PM

ඔහොම නෙමේ සර් ඔතන නිදාගත්තත් ඔය ප්‍රශ්න වලට විසඳුම් දෙන්න මේ හාදයින්ට බැහැ .තනිකරම ෆේල්

:       4       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 115 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site