
(රෝෂන් තුෂාර)
කොළඹ 07 බාන්ස් පෙදෙසේ ඉඩමකට හොර ඔප්පු සාදා කුණු කොල්ලයට විකුණීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගත යුතු මෝටර් රථ ධාවන ශූර දිලන්ත මාලගමුව ඇතුළු සිව් දෙනා රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක් පැනවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය.
අදාළ පුද්ගලයන් දිගින් දිගටම අධිකරණය මගහැර සිටින බැවින් දුටු තැන අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවට හා ඔවුන් රටින් පිට වුවහොත් විමර්ශනවලට බාධා විය හැකි එබැවින් රටින් පිටවීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසට රහස් පොලිසිය ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගැනීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.
සාන්ත විතාන ගමගේ, ඩෙස්මන්ඩ් අමරසිංහ සහ සමන් ජයවීර විදෙස් ගමන් තහනම් වූ සෙසු සැකකරුවන්ය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd