
(පියදාස සමරවීර)
තම දරුවන් හතර දෙනාගේ අධ්‍යාපන හා ආරක්ෂාව වෙනුවෙන් සිය කුඩා පැල්පතට වසර විදුලිය ලබා ගැනීමට අටක් තිස්සේ වෙරදරන මවක වැලිඔයෙන් අපට හමු විය.
ඇය නමින් ඒ.රෝහිණීය. සැමියා අහිමි වූ දා සිට වසර අටක් තිස්සේ දරුවන්ගේ අධ්‍යාපනය බාධක මධ්‍යයේ ඉටු කරන්නීය.
විදුලිය ලබා ගැනීමට කොතෙක් උත්සාහ කළ ද එය ද අසාර්ථක වූ බවත් බැරිම තැන මෙම ඉල්ලීම කරන බවත් ඇය පවසන්නීය.
මගේ මහත්තයා නැතිව දරුවන් හතර දෙනාම පුලූවන් විදිහට රැකබලා ගන්නවා. උගන්වනවා ලොකූ දෙදෙන්නාට හරි හැටි උගන්වන බැරි වුණා. ඒ ගැන කණගාටුවක් තියෙනා.දැන් එක පුතෙක් 11 ශ්‍රේණියේ ඉගෙන ගන්නවා.
අනික් දුව හතේ පංතියේ. දුව හරිම ආසයි ඉගෙන ගන්න.එයාට "ඔන්ලයින්" ඉගෙන ගන්න විදියක් නෑ. ඊට අවශ්‍ය පහසුකම් අපට නෑ. ඒ ගැන දරුවන් හරිම දුකෙන් ඉන්නේ. නමුත් දුව තනිවම පොත්පත්වල වැඩ කළා.
දරුවන් කුප්පි ලාම්පුව එලියන් පාඩම්කරන්නේ. ඒක දරුවන්ගේ ආරක්ෂාව හොඳ මදි විදුලි එලිය තිබුණ නම් මගේ දුවට හොදට ඉගෙන ගන්න තිබුණා.
මේ සම්බන්ධව අප මෙම දරුවන් ඉගෙනුම ලබන වැලිඔය කිරිඉබ්බන්වැව විදුහලේ විදුහල්පති එන්.එල්.අනුර විජේසිංහ නාරංගොඩ මහතාගෙන් ද විමසීමක් කළෙමු.
"මේ දරුවගේ අම්මා හොදට මහන්සි වෙලා දරුවන් රැක බලා ගන්නවා. එදිනෙදා කුලීවැඩ කරමින් තමයි දරුවන් පොෂණය කරන්නේ. දුව ඉගෙනුමට දක්ෂයි.නමුත් හරිම අසරණ ජීවිත ගත කරන්නේ.යම් අයෙක් යම් උදව්වක් කරනවනම් හරිම වටිනවා.ඒ පැත්තෙන්ම විදුලිය නැත්තේ ඔය දරුවන්ගේ ගෙදරට විතරයි .
මෙම නිවසට විදුලිය ගැනීම සදහා විදුලි බලමණ්ඩලයට පමණක් රුපියල් 23,000 පමණ මුදලක් වැය වෙන බව දැනගන්නට ලැබිණි. නිවසට විදුලි උපකරණ සදහා ද රුපියල් පනස් දහසකින් පමන 50,000 සියල්ල නිම කර ගත හැකි බවද දැනගන්නට හැකි විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්බන්ධ කර ගත හැක්කේ කෙසේද?
මෙය කියවන කවුරුහරි ධනපතියෙක් ඉන්නවනම් ඉස්සෙල්ලම අඩුම තරමින් එක කාමරයක් සහිත ගේ පොඩ්ඩක් හදල දෙන්න.
පලමුව මෙයාලට නිවසක් ලබාදිය යුතුයි කියල මගේ අදහස. නිවාස අධිකාරයේ නිවාස ආධාර වැඩසටහන් තියෙනව. ඒ වගේ මේවගේ අයට උදව් කරන්න පුන්‍ය ආයතන වගේම කාරුණික පරිත්‍යාගශීලීන් ඉන්නව. ඇයි දේශපාලක උදවිය.. ගොඩක් පිං. ඔවුන්ට උදව්කරන්න.
දියවන්නාව 226න් සමන්විතවූ රෑනෙන් රටේ පුරවැසියන් වන අප මෙසේ ඉල්ලීමක් කිරීමට කැමැත්තෙමු. එක්කෙනෙකුගෙන් රුපියල් 3000 බැගින් ආධාර එකතුකර මෙම අහිංසක මිනිසුන්ගේ අඩුපාඩුව සකසාදීමට ඉදිරිපත්වන ලෙස ඉල්ලා සිටින්නෙමු. කිසියම් හෝ කෙනෙක් මෙසේ ආධාරකිරීමට අකමැති නම් ඒ ඒ අයගේ නම් මෙම පුවත්පතට නාමලේඛනයක් වශයෙන් එවන්නේ නම් කෘතඥ වන්නෙමු.
ඇත්තටම විදුලිය දීමට තරම් ශක්තියත් නොමැති බව පෙනෙන මේ නිවසට නිවාස ඇමතිවරයාගේ අවධානය යොමුවේවා.
අපට ඔවුන්ට උපකාර කළ හැක්කේ කෙසේද?
දුරකථන අංකයක් ලබාදෙන්න
මෙම නිවස විදුලිය ලබාදීමට සුදුසු තත්වයක නැති බව ඡායාරූපවලින් පැහැදිලි වේ. මුලින්ම කලයුත්තේ සුදුසු කුඩා නිවසක් හෝ තනා ගැනීමයි. එසේ නොමැතිව විදුලිය ලබාගැනීම දරුවන්ගේ ජීවිත අනතුරේ හෙලීමකි.
දුරකථන අංකයක් හෝ ලිපිනය ලබා දෙන්න
මෙය අව්‍යාජ හිමිකම් පෑමක් නම්, මම සතුටුයි උදව් කරන්න, මට සම්බන්ධීකරණය කළ හැකි විස්තර කරුණාකර මට එවන්න. ආචාර්ය ආනන්ද කුලතුංගට
මට ඔවුන්ගේ දුරකථන අංකයක් දැන ගත හැකිද?
මම ඔවුන්ට උදව් කිරීමට කැමතියි. කරුණාකර ඔබට ඔවුන් පිළිබඳ විස්තර සමඟ මාව සම්බන්ධ කර ගත හැකිද? ඔබට ස්තුතියි.
කරුණාකර මෙම පවුලේ විස්තර සහ ඔවුන් හා සම්බන්ධ වන්නේ කෙසේද යන්න කිව හැකිද? ඔබට ස්තුතියි
22දාට යෙදිලා තියෙන මාගේ දුවගේ උපන් දිනේ වෙනුවෙන් මේ මුදල ලබා දෙන්න මම සුදානම්. අවශ්‍ය විස්තර මට ලබා දෙන්න.
සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් එවන්න. ස්තුතියි
කරුණාකර සම්බන්ධ වීමට ගිණුම් අංකය හෝ දුරකථන අංකය එක් කරන්න එය අපට ඇයට උදවු කිරීමට උපකාරී වේ