
(සුජිත් හේවාජුලිගේ)
රජයේ ඇතැම් පාසල් සිසුන්ගෙන් විවිධ සැමරුම් උත්සව සඳහා මුදල් එකතු කරන බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට විමර්ශන කණ්ඩායම් යොදවන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මදුර සෙනෙවිරත්න මහතා පැවසීය.
මවුපියන්ගෙන් එසේ මුදල් එක් රැස් කරන්නේ එවැනි කටයුතු නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් තිබියදී බව ඔහු සඳහන් කළේය. රජයේ පාසල්වල සිසුන්ගෙන් විවිධ කටයුතු සඳහා මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් පැමිණිලි වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල නඩත්තු කිරීම සඳහා සුළු මුදලක් පාහේ එකතු කරන ඉතා කැප වූ විදුහල්පතිවරු සිටිති. නමුත්, කීර්තිමත් පාසල්වල, එහි "මුදලාලි" සිටිති. ඉතින්, එම පාසල්වල සොරුන්ගේ ගුහාවක් විමර්ශනය කරන්න..
මුදල් එකතු කරන පාසල් සොයනවාට වැඩිය ලේසියි මුදල් එකතු නොකරන පාසල් සොයන එක, මොකද දරුවන්ගෙන් එලෙස මුදල් එකතු නොකරන පාසලක් ලංකාවේ තිබේ දැයි සැක සහිතයි. ඉදිරියට රජයේ පාසල් වලට සිසුන් ඉදිරිපත් කරන එක සීමා වී පෞද්ගලික පාසල් වලට ඇති ඉල්ලුම වැඩි වේවි...
නියම වැඩක්...
ලංකාවේ වැඩියෙන්ම අල්ලස් හා දුෂණය තියෙන්නේ පාසල් වල විශේෂයෙන් පළමු වසරට ළමයි ඇතුලත් කිරීමේදී. පාසල් සංවර්දනය සමිති සහ අධිසිස්ය නමින් අටවාගත් එක එක සමිති මගින් එක ඒක දේවල් කියා දෙමාපියන් ගෙන් සල්ලි ගසා කනවා. සමහරක් කොළබ සහ ජනපිය පාසල් වල මේක හොදටම තියනවා.ලක්ෂ 20,30 විදුහල්පති විසින් ඉල්ලා සිටිනවා. අර ගොඩනැගිලි හදන්න මේක වැඩේ කරන්න කියලා. බොරු බිල් දාල ගිණුම් හදලා සල්ලි ටික බෙදා ගන්නවා. මේක වහාම නතර කර යුතුයි. දරුවන්ගේ කෙලිම්ම සල්ලි ගන්නේ නෑ. ගුරුවරු විදුහල්පති ගේ ගෝලයෙක් පන්ති වලින් පත්කරනවා දෙමාපියෙක් එයා තමයි අනිකුත් දෙමාපියන් ගෙන් සල්ලි එකතු කරලා විදුහල්පති ට දෙන්න. හැම පන්තියකම ගෝලයෝ ඉන්නවා.
ඔය කොහොම කිව්වත් විදුහල්පතිලා සල්ලි එකතු කරනවා. එක පලාත් කාර්යාල වලිනුත් දන්නවා. දෙමව්පියො පලාත් එකට පැමිණිලි කරලා ගෙට්ටුවෙන් එලියට බහින්නත් කලින් කල පැමිණිල්ලයි කල කෙනයි ඔක්කොම විදුහල්පතිට කියලා ඉවරයි.
ඇමතිතුමා, කරනවානම් ඔන්න වැඩක් .වැඩිපුරම ඔය ගමේ එක ඔයා මුදල් එක්කරන්නේ කොළඹ ලොකු පාසල්වල. ඕවට සමහර දෙමව්පියනුත් සම්බන්ධයි
සල්ලි වැඩිපුරම එකතුකරන පාසල් තියෙන්නේ රත්නපුර, නිවිතිගල අල්ලනවා නම් මල් මිටක් වැඩියෙන්ම වට්ස්ඇප් එක හරහා පාසල් වැඩපැවරුම් දාන්නෙත් නිවිතිගල...
ලංකාවේ මුලු පාසල් පද්ධතියම වෙලා ගත්තු භීතිකාවක්. සමහර ගුරු මණ්ඩල සාමාජිකයින් සහ දෙමව්පියන් මේවට සම්බන්ධයි. වහාම එම භීතිකාව නැති කර දමිය යුතුයි.