(සුජිත් හේවාජුලිගේ )
රටේ පාසල් දරුවන්ගෙන් සියයට දහයත් පහළොවත් අතර සංඛ්‍යාවක් ආහාර නැතිකම ඇතුළු ප්‍රධාන හේතු තුනක් හේතුවෙන් පාසල් වලට පැමිණීම අදිමදි කරන තත්වයක් සමීක්ෂණයකදී පෙනී ගිය බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවැසීය.
මේ තොරතුරු අනාවරණය වූයේ දිවයින පුරා පාසල් 350ක ගුරුවරුන් 370 ක් යොදාගෙන කරන ලද සමීක්ෂණයකදී බවද ඔහු සඳහන් කළේය
දරුවන් පාසල්වලට පැමිණීම අදිමදි කිරීමට පළමු හේතුව ලෙස හඳුනා ගත්තේ ප්‍රවාහන දුෂ්කරතා බව පැවසූ මහාචාර්යවරයා ආහාරපාන නැතිකම දෙවන හේතුව ලෙස හඳුනාගන්නා ලදැයිද ප්‍රකාශ කළේය.
පාසල් උපකරණ මිලදී ගැනීමට හැකියාවක් නොමැතිවීම දරුවන් පාසල් වලට පැමිණීමට අදිමදි කරන තුන්වෙනි හේතුව ලෙස හඳුනා ගත් බවද ඔහු පැවසීය.
මේ අතර පාසල් දරුවන් පාසලට පැමිණියත් බාහිර ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වීමේ පැහැදිලි අඩුවක් දක්නට බව එම සමීක්ෂණයේදී තොරතුරු අනාවරණය වූ බව පවසන මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ප්‍රමාණවත් පරිදි පෝෂණයක් නොලැබීම මෙයට හේතුවන්නට ඇතැයි සැක කළ හැකි බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ජීවත්වීම එපාවුණ ප්‍රතිශක්තිය කීයද?
කුඩා දරුවෝ කළ වැරැද්දට පොලිසිය ගෙන්නලා කරන්ට් එක අල්ලලා පොලුවලින් ගස්සන විදුහල්පතිලා ඉන්නකොට ළමයි පාසල් යයිද?
ළමුන් පාසැල් යාමට අකමැති කරුණු කිව්වෙ එපමණක්ද කියලා කියන්න .එහෙනම් ඒක වෙන්න බැහැ මොකද පාසැලේදී යන්තමින් අට පාස්කලොත් රටේ පාලන මධ්‍යස්ථානයේ නැත්නම් නීති හදන ස්ථානයේ සේවයට යන්න පුළුවන් වේවි අවශ්‍ය වෙන්නෙ හැකර කටක් හා හොරාකෑමේ හැකියාව විතරයි දෙවැන්න පාසැලෙන් පසුව විශ්ව විද්‍යාලයේ නවක වදය,හා උපාධිය ගන්න ගතවෙන කාලය .තෙවැන්න රැකියාවක් සොයාගන්න තියෙන අමාරුව.