
(අංජුල මහික වීරරත්න)
සමාජ මාධ්‍ය වෙත මුදාහැරෙන දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ සම්බන්ධයෙන් සැලකිළිමත් වන්නැයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය හරහා මුදල් ඉපයීමේ මූල්‍ය ප්‍රතිපත්තිය (Monetization) ක්‍රියාත්මක වීමත් සමඟ මාපියන්ගේ අවසරය ඇතිව හෝ නැතිව දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ පට අන්තර්ජාලයට එක් කිරීමේ ප්‍රවණතාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බව අමාත්‍යංශය පවසයි.
දරුවන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීම සහ ඔවුන්ගේ සුරතල් ක්‍රියාකාරකම් අගය කිරීම යන මුවාවෙන් විවිධ පුද්ගලයන් සහ ආයතන විසින් මෙම වීඩියෝ පට වාණිජ අරමුණු උදෙසා යොදාගන්නා බව තහවුරු වී ඇතැයි ද අමාත්‍යංශය කියයි.
එම නිවේදනයේ මෙසේද සඳහන්ය.
මෙලෙස වීඩියෝ සහ Vlog සටහන් හරහා දරුවන්ගේ එදිනෙදා ජීවන රටාව බාහිර පාර්ශ්වයන් වෙත අනාවරණය වීමෙන්, ඔවුන්ගේ පෞද්ගලික ආරක්ෂාව දැඩි අවදානමකට ලක්වේ. එමෙන්ම, අන්තර්ජාලයට එක්කරන මෙවැනි වීඩියෝ පට සහ ඡායාරූප මූලාශ්‍ර කරගනිමින්, කෘතිම බුද්ධිය (AI තාක්ෂණය) ඔස්සේ අසභ්‍ය දර්ශන නිර්මාණය කිරීමේ අවදානමක් ද මතුව පවතී. එබැවින්, මෙවැනි අනතුරුදායක තත්ත්වයන්ගෙන් තම දරුවන් ආරක්ෂා කරගැනීමට සමාජ මාධ්‍ය පරිශීලනය කිරීමේදී වඩාත් විමසිලිමත් සහ වගකීම් සහගත වන මෙන් දෙමව්පියන් ඇතුළු දරුවන්ගේ භාරය සහ ආරක්ශාව දරන්නන් වෙත දන්වා සිටිමු .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd