
(අංජුල මහික වීරරත්න)
දරුවන් විසින් නොසලකා හරින සරණක් අවැසි වැඩිහිටියන් පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය වට්ස් ඇප් අංකයක් හඳුන්වා දී තිබේ.
දරුවන් විසින් නොසලකා හරින ලද වැඩිහිටියන්ට නඩත්තු ඉල්ලීම වැනි කාරනා ගැන මෙම වට්ස් ඇප් අංකයට දැනුම් දිය හැකි බව වැඩිහිටි ලේකම් කාර්යාලය කියයි. 0707 89 88 89 එම වට්ස් ඇප් දුරකථන අංකයයි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජුනි 15 වැනිදා "ලෝක වැඩිහිටි අපයෝජන පිළිබඳ දැනුවත් කිරීමේ දිනය" ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන අතර ඊට සමගාමීව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය මගින් වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් "සරණ" නමින් මෙම උපකාරක සේවය ආරම්භ කර ඇත.
මෙම අවස්ථාව සංකේත්වත් කරමින් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා හා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ පරිශ්‍රයේදී නිල වශයෙන් වට්ස් ඇප් අංකය ජනගත කිරීම අද සිදු කෙරිණි.
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1700
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දරුවන් නොසලකන වැඩිහිටියන්ගේ දුක කියන්න වට්ස් ඇප් අංකයක්
Nihal Monday, 16 June 2025 04:50 PM
දෙමව්පියන් නොසලකන දරුවන්ගේ දුක කියන්නත් අවශ්‍යමයි, අපේ ගෙවල් අසලම දරුවන් තුනක් ඉන්නවා..