IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


දරුවට බෙහෙත් ගන්න වෙරිමතින් රෝහලට ඇවිත් දොස්තරට පහරදීලා

(පොලොන්නරුව ක.ග.කරුණාරත්න)

පොලොන්නරුව ජයන්තිපුර ග්‍රාමිය සහ පුනරුත්ථාපන රෝහලේ රාජකාරී කරමින් සිටි වෛද්‍යවරයෙකුට අද (21)පස්වරුවේ බීමත් පුද්ගලයෙකු පහරදීමක් සිදුකර ඇතැයි මින්නේරිය පොලීසිය කියයි.

මෙම පහරදීම සිදුකර ඇත්තේ වෛද්‍යවරාගේ නිල කාමරය තුළදී බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණයවී තිබේ. 
පහරකෑමට ලක්වූ වෛද්‍යවරයා ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත්කර ඇත. 

වෛද්‍යවරයාට පහරදුන් බව කියන පුද්ගලයා මේ වනවිට අත් අඩංගුවට ගෙන ඇතැයි විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ. අධික ලෙස බීමත්ව සිටි සැකකරු  රෝහලට පැමිණ ඇත්තේ දරුවකුට ප්‍රතිකාර ගැනීම සඳහා බව පොලීසියට ප්‍රකාශකර තිබේ.

රාජකාරියේ නිරත වෛද්‍යවරයෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය හේතුවෙන් අද පස්වරුවේ සිට ජයන්තිපුර රෝහලේ වෛද්‍යවරුන්,හෙද හෙදියන් ඇතුලු සමස්ත කාර්ය මණ්ඩලය සිය රාජකාරීවලින් ඉවත්ව ඇතැයි පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ,විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.එම්.එස්.කුමාරවංශ මහතා අප කළ විමසුමකදී ප්‍රකාශ කළේය.

ඒ හේතුවෙන් රෝහලේ නේවාසිකව සිටි රෝගීන් සියලුම දෙනා වෙනත් රෝහල් වලට මාරුකරයවා රෝහල තාවකාලිකව වසා දැමීමට පියවර ගත්බව කීය.

මෙම රෝහලේ වෛද්‍යවරුන් 05 දෙනෙකු දැනට සේවය කරන බවද එම වෛද්‍යවරුන් සියලුම දෙනා තවදුරටත් එම රෝහලේ රාජකාරි කිරීමට බියක් දක්වන බවත් ඔවුන් වෙනත් රෝහල්වලට ස්ථාන මාරුවීම් ඉල්ලා සිටින බවද ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා පැවැසීය.



අදහස් (2)

දරුවට බෙහෙත් ගන්න වෙරිමතින් රෝහලට ඇවිත් දොස්තරට පහරදීලා

ruwan Thursday, 21 July 2022 08:02 PM

දොස්තරට ගහපු එකාව අල්ලල සිරගත කරන්න ඔනි. හැබැයි දොස්තරල සහ අනිත් අයට මෙහෙම හොස්පිටල් වහන්න දෙන්නත් බැහැ. එහෙම කරන්නෙ කොහොමද?

:       0       0

nalin Friday, 22 July 2022 07:46 AM

‘මේක විහිළුවක්... "මෙම රෝහලේ වෛද්‍යවරුන් 05 දෙනෙකු දැනට සේවය කරන බවද එම වෛද්‍යවරුන් සියලුම දෙනා තවදුරටත් එම රෝහලේ රාජකාරි කිරීමට බියක් දක්වන බවත් ඔවුන් වෙනත් රෝහල්වලට ස්ථාන මාරුවීම් ඉල්ලා සිටින බවද ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා පැවැසීය". කියන එක...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 585 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 332 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site