
( රොමේෂ් මධුෂංක)
පදවිය, වැලිඔය සම්පත් නුවර පොලිස් වසමේ පදිංචි පුද්ගලයෙකු අවුරුදු 4 ක් පමණ වයසැති කුඩා දරුවෙකුට අමනුෂිකව පහරදෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසුව ඒ පිළිබඳව පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇත.
සම්පත්නුවර ප්‍රදේශයේ පදිංචි අදාල සැකකරු විසින් ඔහුගේ නිවසේදී කුඩ දරුවෙකු කෑම කමින් සිටින අතරතුරදී අමානුෂිකව පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අසල්වැසියෙකු විසින් වීඩියෝ කොට සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි.
එම අවස්ථාවේම ක්‍රියාත්මක වූ වැලිඔය සම්පත්නුවර පොලීස් ස්ථානධිපති ඇතුලු නිලධාරීන් පිරිසක් විසින් සැකකරුගේ නිවස වැටලීමක් කොට ඇතත් ඒ වන විටත් සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටින බවට පොලීසිය පැවසීය.
සැකකරු ප්‍රදේශයේ කුකුල් චමින්ද නොහොත් බිබිලේ චමින්ද නමින් ප්‍රදේශයේ ප්‍රසිද්ධියට පත්ව ඇති බවටත් මොහු මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙම දරුවාට අමානුෂිකව පහරදී ඇති අතර ඔහුට ඇති බිය නිසා කිසිවෙකු පොලීසියට මේ පිළිබඳව දැනුම් දී නොමැති බවටද අසල්වාසීන් පොලීසියට පවසා ඇත.
පලාගිය සැකකරු සොයා මේ වන විට පුලුල් සෝදිසි පරික්ෂණයක් අරඹා ඇති අතරම සැකකරු සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් ඇත්නම් ළඟම ඇති පොලීසියට හෝ සම්පත්නුවර පොලීසියට දැනුම් දෙන ලෙසටද සම්පත් නුවර පොලීසිය වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර එයාපොර්ට් එකේ මිනිහෙකුට ගහපු හාදය අල්ලන්නෙ නැද්ද.
මූ විතරක් නෙමෙයි ඌට ඕන විදියට දරුවා හදාගන්න ඕනෑ කියන ගැහැණු කෙනාත් කූඩුවේ දාන්න ඕන
කොයි තරම් ගැහුවත් ඒ දරුවට ලොකුවට දැනෙන්නේ නෑ. ඒ තරමට පත්තියන් වෙන්න ඒ දරුවා කොච්චර ගුටි කන්න ඇති ද? මේ වගේ මිනිස්සු නම් එල්ලලා මැරුවට කිසි ප්‍රශ්නයක් නෑ. කවුරුත් කිසි දෙයක් කියන්නෙ නෑ. හිරේ දාලා මගේ බදු සල්ලිවලින් කන්න දෙනවට මම කැමති නෑ.