IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දරුවා ඇපයට තියා ලක්ෂ දෙකක් ගන්න ගිය අය රිමාන්ඩ්

(මනෝප්‍රිය ගුණසේකර)

රෝගී වු දරුවාට ශල්‍ය කර්මයක් කිරීමට අවශ්‍ය බව කියමින් මව බියගන්වා රුපියල් ලක්‍ෂ දෙකක මුදලක් ලබාගෙන වංචා කළැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු ලබන 22 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා අද (14) නියම කළේය.

මෙම සිද්ධියේ මහමොළකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශනය කරන බව කියමින් පමුණුගම පොලිසියේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගමින් සැකකරු රිමාන්ඩ් බාරයට පත් කළ මහෙස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශන වල ප්‍රගතිය ලබන 22 වැනිදා අධිකරණයට දැනුම් දීමටද පමුණුගම පොලිසියට නියයම කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ගිරාඳුරුකෝට්ටේ ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචි මධුශංක ඒකනායක නමැත්තා මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කළේය.

කොළඹ ප්‍රසිද්ධ ජාත්‍යයන්තර විදුහලක අධ්‍යපනය ලබන දැරියකගේ මවක කළ පැමිණීල්ලකට අනුව කළ මෙම සිද්ධියට අදාළව විමර්ශන ආරම්භ කළ බව සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරමින් පමුණුගම පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

 



අදහස් (1)

දරුවා ඇපයට තියා ලක්ෂ දෙකක් ගන්න ගිය අය රිමාන්ඩ්

Bamunuarachchi Wednesday, 15 November 2023 07:21 AM

අයියෝ මෙහෙ ඕවා බොහොම සුලබයි. ටෙලිපොන් කෝල් එක ආපු වෙලාවේ මගේ පුතා කිව්වේ " වෙන රස්සාවක් හොයා ගනින් මිනිහෝ " කියලා. අපි පොලිස්සි ගියේ නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site