IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දැරියන් මුදලට විකුණන ළමා නිවාස පාලිකාවක් ගැන පැමිණිල්ලක්

( කුෂාන් ජයවර්ධන)

මහනුවර  පිහිටි පරිවාස දෙපාර්තමේන්තුවට අයත් ළමා රැදවුම් මධ්‍යස්ථානයක රඳවා සිටින දැරියන් ලිංගික කටයතු සදහා විවිධ පුද්ගලයන්ට මුදලට අලෙවි කරමින් මුදල් උපයන බව කියන ළමා රැඳවුම් මධ්‍යස්ථාන පාලිකාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලීසිය කියයි.

මහනුවර වේරලවත්ත ප්‍රදේශයේ පිහිටි ළමා රැඳවුම් මධ්‍යස්ථාන පාලිකාවක් සම්බන්දයෙන් මේ වන විට පොලීසිය  විමර්ශන ආරම්භ කර තිබේ.

අධිකරණ නියෝග අනුව පරිවාස දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මෙම රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින දැරියන් මෙම පාලිකාව  ලිංගික කටයුතු සඳහා විවිධ පුද්ගලයන්ට එම රැඳවුම් මධ්‍යස්ථානය තුළදී මුදලට අලෙවි කර ඇති බව තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

මඩාටුගම පොලිස් වසමේ ස්ථීර පදිංචි 17 හැවිරිදි දැරියක  ඊයේ(08) රාත්‍රියේ මඩාටුගම පොලිස් ස්ථානයට කළ පැමිණීල්ලකට අනුව එම සිද්දිය සම්බන්ධයෙන් මෙලෙස පොලිස් විමර්ශණ ආරම්භ කර තිබේ.

මෙම ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ පාලිකාවන් කිහිප දෙනෙකුම සේවයේ යෙදි සිටින අතර වින්දිත දැරියන් 30ක් පමණ එම ළමා රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින බව ද  තොරතුරු ඇතැයි පොලීසය කියයි.



අදහස් (9)

දැරියන් මුදලට විකුණන ළමා නිවාස පාලිකාවක් ගැන පැමිණිල්ලක්

කමල් Sunday, 09 June 2024 03:22 PM

ළමයි තරහට බොරු හදනවා. විශේෂයෙන්ම ඔය වයසේ හරියට වැඩිහිටියන්ගේ යටතේ හිටියේ නැතුව සමාජය එක්කම වෛරයෙන් ඉන්නකොට. ඒ හින්දා පරීක්ෂණ අවසන් වෙනකන් චෝදනාව.. චෝදනාවක්ම විතරයි.

:       98       16

FrenciscuSunday, 09 June 2024 05:31 PM

රට තොට ගැන නොදන්නා තොත්ත බබාලා ඩිස්ලයික් දැමීමට දෙපාර්තමේන්තුවේ හිටපු කෙනෙක් හැටියට කමල්ගේ අදහස් ඉතාමත් නිවැරදියි.. ඔය ආයතනයේ වුණත් කියන තරම් දෙයක් වෙලා නැතුව ඇති බොරුකීමට ඕවායේ සිටින තරුණියෝ හරිම දක්ෂයි. කූඩැල්ලා කිසිදාක මෙට්ටයක් උඩ තියන්න බැහැ වගේ එම තරුණියෝ පූර්ව ආත්මවල පාප කර්ම අනුව යහමගට ගන්න ඉතාමත් අමාරුයි. සාමාන්‍යයෙන් ගැහැනු ළමා පමණක් නොවෙයි පිරිමි ළමා රැදවුම් නිවාසයකට වත් අදාල ප්‍රදේශයේ පරිවාස කොමසාරිස්ගේ අවසරය නැතුව පිටස්තර අයට ඇතුළු වෙන්න බැහැ.. වෛද්‍ය පරීක්ෂණ සමග හරියාකාරව විමර්ශනය කළොත් කෙල්ල කියන්නේ බොරුවක් කියලා පැහැදිලි වේවි..!

:       72       7

Pradeep KumaraSunday, 09 June 2024 06:42 PM

දැරියන් මුසාවක් කියනවද කියලා වෛද්‍ය පරීක්ෂණයකින් තහවුරු කර ගන්න පුළුවන්. හොඳයි පාලිකාවන් වැරැදියි කියලා ඔප්පු වුනොත් ඔබලා මොකක්ද යෝජනා කරන දඬුවම? ඔය සිදුවීම ඔබලාගේ දියණියකට වුනොත් ඒක ඔබලාට දැනෙන්නේ කොහොමද? අනික දෙපාර්තමේන්තුවේ සිටි කෙනෙක් නම් ඔබලාත් ඇතැම් විට ඕවාට හවුල් වෙලා ඇති.

:       0       0

Sirisena Monday, 10 June 2024 06:16 AM

මුල් අදහස් දෙකට ඩිස්ලයික් දැමූ සියලු උන්ගෙත් අදහස් දක්වා තියෙන බණ්ඩාරගෙත් බිරින්දෑලා නැත්නම් සහෝදරියන් ඔය නිවාසවල පාලිකාවන් හැටියට යවාපල්ලා රැකියා නැත්නම් ටික කලකට පුහුණුවක් සදහා යවාපල්ලා දවසක් දෙකක් එහෙම පුහුණුවක් ලබන කොට කවුරු කියනදේ හරිද කියලා තේරේවි

:       0       0

chamSunday, 09 June 2024 06:15 PM

මට තේරෙන්නේ නැත්තේ පොලිස් පරීක්ෂණ කොහොමද දාන්නේ?

:       0       2

බණ්ඩාර Sunday, 09 June 2024 03:42 PM

මෙම දරුවන් රජයේ වගකීමක්. දරුවන් රකින්න බැහැ කියන්නේ ඒ රට අසමත් රාජ්‍යයක්...!

:       6       64

Sonu Sunday, 09 June 2024 04:02 PM

මේ රටේ ඉන්න බහුතරය මුදලට ඕනෑම දෙයක් කරන ජාතියක් කියලා ඔප්පුවී හමාරයි. මේ වැනි අප්‍රසන්න ජාතියක් වෙන රටක නැත...

:       5       51

Ruwan De Silva Sunday, 09 June 2024 06:30 PM

ලංකාව දැන් තනිකරම මෙලේච්ඡ සමාජයක් හරියට පැපුවා, නිව්ගිනියා ස්වදේශීයන් වගේමයි. හැබැයි පම්පෝරි නම් තියෙනවා ඇමරිකාවේ වගේ. ලංකාවේ නීතිය සිංගප්පූරුවේ වගේ කරන්න ඕනේ... එතකොට තමයි හදන්න පුළුවන් රට...!

:       3       40

Chandana Sunday, 09 June 2024 09:15 PM

චැනල් 50 ක විතර උදේ ඉඳලා රෑ වෙනකම් බන කියනවා. වැඩක් උනාද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site