(පුෂ්පකුමාර මල්ලවආරච්චි )

සිවු දෙනෙකුගෙන් යුත් මැර කල්ලියක් කොටදෙනියාව වත්තෙගෙදර නිවසකට කඩා වැදී  තෙහැවිරිදි හා සය හැවිරිදි දැරියන් දෙදෙනෙකු කපා කොටා මරා දැමීමට සැරසෙද්දී ඊට විරෝධය පෑ අසල්වැසි යුවළක් කඩුවෙන් කපා බරපතළ තුවාල සිදුකර ඇතැයි කොටදෙණියාව පොලිසිය කියයි.

කොටදෙණිය පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලදී මෙම යුවළට කඩුවෙන් කොටා බරපතළ තුවාල සිදුකර ඇත්තේ එම දැරියන් දෙදෙනා ඝාතනය කිරීමට යාමේදී ඊට විරෝධය දැක්වීම හේතුවෙන් බව පෙරේදා (19) අනාවරණය වූ බව පොලිසිය කීය.

ඉකුත් 15 දා රාත්‍රියේ තම ජීවිතය පරදුවට තබා කුඩා දැරියන් දෙපලගේ දිවි බේරා ගැනීමට යාමෙන් මෙසේ කඩු ප්‍රහාරයට ලක්ව ඇත්තේ ජී.ජී. වික්‍රමසිංහ 68 මහතා සහ ඔහුගේ බිරිය වන ඊ.කේ. කුසුමාවතී 67 මහත්මියයි. 

 වික්‍රමසිංහ මහතා හිසේ මුහුෙණ් හා අත්වල දරුණු කැපුම් තුවාලවලට ලක්ව මේවනවිට වතුපිටිවල මූලික රෝහලේ 15 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් පසුවෙන අතර ඔහුගේ  බිරිය ෙග් අතක ඇගිලි කැපී වෙන්වී ඇති අතර ඇය කොළඹ ජාතික රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබමින් පසුවන බව කොටදෙනියාව පොලිසිය සදහන් කරයි.  

ඔවුන් දෙදෙනා මේ මැර පිරිසට විරෝධය නොපාන්නට කොටදෙනියාව පොලිසියෙන් තවත් සේයා ඝාතනය වැනි දැරියන් දෙපළකගේ ඝාතනයක් වාර්තාවීම වැළැකී ගිය බව ප්‍ර ෙද්ශවාසීහු පවසති.

 එකම පවුලක සහෝදරයන් තිදෙනෙකු ඇතුලු සිවු දෙනෙකු මෙම මැර පිරිසට එක්ව සිට ඇති අතර ඉන් දෙදෙනෙකු සිවුරු හැද සිට ඇතැයිද හෙළිවී ඇත. මෙම ස්ථානයේ සිදුවීමක් පිලිබදව පරීක්ෂණයට පැමිනි පොලිස් පිරිසක් ආසන්නයේ රැදී සිටියදී මෙම අපරාධය සිදුවී ඇතැයි හෙලිවී ඇති අතර වහා ක්රි යාත්මකවූ පොලිසිය සැකකරුවකු අත තිබූ කඩුවක් වැනි අවියක් අත්අඩංගුවට ගෙන ඇතැයිද ඒ අතර සැකකරුවන් පලාගොස් ඇති බවද හෙළිවේ. 

මෙම සාහසික අපරාධයෙන් අනතුරුව සැකකරුවන් සිව් දෙනා ආසන්නයේ මෝලක සිව්රක් එලා ඒ මත නිදා සිටියදී ප්‍රදෙශයේ ජනතාව ඒ ස්ථානය වටලා   සැකකරුවන් දෙදෙනකු අල්ලා ගෙන ඇතැයිද පොලිසිය කියයි.

පලාගිය දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි කෙතාටදෙනියාව පොලිසිය කියයි. මේ තත්ත්වය මත එම ගම්මානයේ  වැසියන් දැඩි බියට පත්ව නිවෙස්වලට වී දොර අගුල්ලා සිටීමට පෙළැඹි ඇතැයිද වාර්තාවේ.