
(අංජුල මහික වීරරත්න)
මෙරට පාසල් සිසු දරුවන් විවිධ කණ්ඩායම් වල ප්‍රාණ ඇපකරුවන් බවට පත් කර ගැනීමට කිසි සේත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාසල් ක්ෂේත්‍රයේ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් කඩිනමින් නිරාකරණය කර ගැනීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්, එසේ නොවුන හොත් පාසල් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට කෙටුම් පතක් ඉදිරිපත් කිරීමට සිදුවනු ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසුවේ කොළඹ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ දී අද (23) පිරිවෙන් හා පාසල් සිසු දරුවන්ට නොමිලේ පෙළ පොත් හා නිල ඇඳුම් රෙදි බෙදා දීමේ ජාතික උත්සවය අමතමිනි.
අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කළ මෙම උත්සවයේදී ජනාධිපතිවරයා ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ, සිල් මාතාවන් සහ සිසු දරුවන් 40 දෙනකු සඳහා සංකේතවත්ව පෙළ පොත් හා නිල ඇඳුම් රෙදි ප්‍රදානය කිරීම සිදු කරන කළේය.
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඇතුළු මැති ඇමැතිවරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
2023 වසරට අදාල පාසැල් නිල ඇඳුම්වලින් 70%ක ප්‍රමාණයක් චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබී ඇති අතර ඒ සියල්ල මේ වන විට දිවයින පුරා බෙදා දී අවසන් බවත් දේශීය ව්‍යාපාරිකයන් විසින් ඉතිරි නිල ඇඳුම් සපයනු ලබන බවත් ජනාධිපති කාර්යාලය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක කරන්න නම් තට්ටයා ඉන්න තුරු බැරිවේවි සොයා බලන්න මේ මිනිස්සු රටේ දරු පරපුර හා අනාගතය විනාශ කරන්න මොවුන් පොළඹවන්නෙ කවුද ඒවට වියදම් කරන්නෙ කියලා මොවුන් මේවාට පොළඹවන සංවිධාන ඇතිකියලා හිතෙනවා ඒවා තහනම් කරන්න එහෙම කරල රටේ දරු පරපුර සමග රට ආරක්ෂා කරන්න ජයවේවා
පහුගිය උසස් පෙළ සමයේ (මානව හිමිකම් කොමිසමෙන් නියෝග කලත් ) විදුලිය දෙන්නේම නැහැ කියපු පිනාට දැන් ළමයින් ගැන අමුතු කැක්කුමක් ඇවිල්ල
අද්‍යපනේට වෙලා තියෙන දේ තමුන් දන්නෙ නැහැ..තමුන් දන්නෙ තමුන් ගිය ඉස්කොලෙ එවුන්ගෙ ඒ්ව විතරයි. ගිහිල්ල බලනව හරියකට ප්‍රින්සිපල්ල නැති ඉස්කෝල කීයක් තියෙනවද කියල...කන්න නැතිව ඉන්න ලමයි කොච්චර ඉන්නවද කියල....ලියන්න පොත් පන් ගන්න බරුව ඉන්න ලමයි කොච්ච්චර ඉන්නවඩ කියල...කතා නෙමි..වැඩ කරල පෙන්නනව.
පැලැස්තර එපා මූල බීජයම අයින් වෙන්න
රට විනාශ කරලා දරුවන්ට අනාගතයක් නැති කරලා දැන් බයිලා ගහනවා වසලයෝ.
ගණන් ගන්න එපා මෙයා මේ කටට එන එන ඒවා ඔහේ කියලා දානවා විතරයි.
දැන් මෙයා " ජොලී සියා " වෙලා !
මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි දරුවන් දහස් ගණනක් ප්රාන ඇපයට තබා ගෙන උත්තර පත්‍ර නොබලා ඉතිහාසයේ පළමු වතාවට වෘත්තීය සමිති කරන ජාතික අපරාධයට මෙම වෘත්තීය සමිති මෙන්ම ඔබතුමා ඇතුළු රජයේ සියලු දෙනා ම වගකිව යුතුයි වහාම පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීම සඳහා පියවර ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි
ගමක පාසැල්වලට ගිහින් බලන්ඩ ඕනේ දරුවෝ වින්දින දුක. පින් ජනපතියාට මොනවා කියන්ඩ බැරිද?
ඔය කිඹුල් කඳුළු එදා උසස් පෙල විභාගෙ දවස්වල වැටුනෙ නැහැ නේද නරිල් මහත්තයෝ.ඔයා එන්නෙ මොකටද කියන එක පැහැදිලියි.ඔච්චර බංකොලොත් වෙන්න එපා බලය වෙනුවෙන්.
දරුපරපුර වනසන්න දෙන්නේ නෑ‘ වනසන්න දරුපරපූරක් ඇත්තෙත් නෑ. ඒක කරන්නේ ගුරු හොරු විතරයි.. අලූත් පත්වීම් දෙන කොට අලූත් ගිවිසුමක් අත්සන් ගනිමූ දේශපාලනයට කඩේ යන්නේ නෑ කියල.