(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොල්ල කෑම්, සොරකම් ,ඇතුළු අපරාධ රැසකට මෙන්ම හිමි නමකට පිහියකින් ඇන බරපතළ තුවාල සිදු කළ සංවිධානාත්මක අපරාධ කල්ලියක පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය කියයි.
කඩුවෙල විහාර මාවතේ දී හඳුනානොගත් ගිනි අවියක් සහ ජිව අත්බෝම්බ දෙකක් සමග යතුරු පැදියක යමින් සිටී සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔහුන් පොලිසි කීපයකට අවශ්‍යව සිටි සැකකරුවන් බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.
එම සැකකරුවන් සොරා ගත් යතුරු පැදිවල චැසි සහ එන්ජින් අංක වෙනස් කිරීමේ යෙදෙන ගරාජ් බස්වරයකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
එකී සැකකරුවන් සමග එම ගිනි අවිය සහ බෝම්බ දෙකට අමතරව කොල්ල කන ලද රන්මාල දෙකක් ,යතුරුපැදි තුනක් ,ත්‍රීරෝද රථයක් ,මෙන්ම ජංගම දුරකථන කීපයක් ,යතුරු පැදි කොටස් මෙන්ම ලියාපදිංචි අංක තහඩු කිහිපයක් ද පොලිස් බාරයට ගෙන ඇත.
දරුවා අමතර පන්තියට ඇරලවා යළි නිවස කරා යතුරු පැදියකින් පැමිණෙමින් සිටි කාන්තාවක් පසුපස යතුරුපැදියකින් හඹාගොස් මග හරස් කර එම යතුරු පැදිය කොල්ල කෑම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අතරවාරයේදී සැකකටයුතු ලෙස ගැවසුණු මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන සිදු කළ විමර්ශනවලදී එකී යතුරු පැදිය ඇතුළු තවත් පොලිස් වසම් පහක සිදු කළ අපරාධ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙටම ඇප දෙයි. මෑතක දී සිදුවුණු හැම පාතාල ඝාතනයක්ම ඇපදීලා සමාජයට යවපු මැරයන්ගේ වැඩ. අධිකරණ, පොලිසි තියෙන්නේ කවුරු ආරක්ෂා කරන්නද?
දරුණු ගනයේ කියලා දැක්කාම මම හිතුවේ එකම පවුලේ 4 දෙනෙක් කියලා...
මොවුන් දරුණු ගණයේ අපරාධකරුවන් නම් අනිවාර්යයෙන්ම මොවුන් සතුව සැඟවූ ආයුධ තිබිය හැකිය... එම ආයුධ සොයාගැනීමට කටයුතු කළා නම් හොඳයි මහා විනාශයක් වෙන්න ඉස්සෙල්ලා...