
(යොහාන් භාසුර)
අන්තර් පළාත් දුරගමන් සේවා බස් රථ අතරමගදී නැවැත්වීමේ විශේෂ ස්ථාන ස්ථාපිත කරන බවත් ඉන් පසුව එම බස් රථවලට මගීන් ගොඩකරවාගත හැක්කේ එම නැවතුම්වල පමණක් බවත් ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා පැවසීය.
දුරගමන් සේවා බස් රථ නැවතුම් ගැසට් කර වසරක පමණ කාලයක් ගතව තිබුණ ද මුදල් ප්‍රශ්නය හේතුවෙන් එය ක්‍රියාත්මක නොවූ බවත් එම නැවතුම් ස්ථාපිත කිරීමෙන් පසුව දුරගමන් බස් රථවලට හිතුමතේ මගීන් ගොඩකරගැනීමට නොහැකි බවත් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේය.
දුරගමන් සේවා බස් රථ මගීන් ගොඩකරවාගැනීම පිළිබඳව පළාත් බස් රථවලින් අඛණ්ඩව විරෝධය එල්ල වූ බව කී ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් පසුව එම ගැටලුව නිරාකරණය වන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට කලින් අර්ධ සුඛෝපභෝගී කියලා බොරුවට බෝඩ් දාගෙන දුවන මිනිසුන්ගේ සල්ලි සුරාකන මාෆියාව නතර කරන්න.පුලුවනිනම් ලංකාවේ හරි නිතියට ගමන් කරන එක අර්ධ සුඛෝපභෝගී බස් එකක් පෙන්නන්න.
මේක මගීන් සූරාකෑමක් කොටකොටා ගමනේ යෙදෙන බස් රථවල නොයන්නෙ කාලය ධනය හා ශ්‍රමයේ වටිනාකම දන්න නිසා අපි කියමු කුරුවිට එරත්න හෝ ආසන්න ගමකින් කෙනෙක් කොළඹ හෝ මහනුවර යන්න කුරුවිටට එනවා කුරුවිට නැවතුමක් නැහැ ඇහැලියගොඩ නැහැ ඉතින් අවිස්සාවේල්ල දක්වා කොටාගේ ටුවර්ස් එකක අවිස්සාවේල්ල දක්වා යනවා එහෙදි හමුවෙන බසයේ හිටගෙන තමා යන්න වෙන්නෙ මගියා ජ්‍යෙෂ්ඨ පුරවැසියකු වෙනවා ඒ නිසා මේ මගියා එතැනින් කෑගල්ලෙ බසයක යනවා දැන් වේලාව දහවල් එකට ආසන්න වෙනවා නුවරට යනවිට සවස තුනට විතර වේවි ඇත්තටම මෙහෙම තීරණ ගන්නෙ බත්කන හරක්ද කියලා තේරුම් ගන්න බැහැ යකුනේ තීරණයක් ගන්න පෙර පරීක්ෂණයක් කලේ නැද්ද (මම දන්නවා මහනුවරින් තංගල්ල ලංගම බසයක් තියෙනවා එයට ඇඹිලිපිටියේ නවත්වන්න දෙන්නෙ නැහැ මගීන් ගන්න දෙන්නෙ නැහැ )මිනිසුනේ දැන් කාලය රං හා වටින්නේ නැද්ද කියපල්ලා තවත් එකක් කියන්නම්කෝ☺️ දවසක් වයසක යුවලක් බදුල්ලේ සිට දෙල්කදට ආවා මේ අය බසයෙන් බහිද්දී 120 මාර්ගයේ බස් රියදුරෙකු බදුල්ලේ බසයට අවහිර කර තර්ජනය කලා තමුන්ලා කියන්නෙ ඒවා හරි කියලද.
දැන් මේ කියන විදිහටම හරියටම දුර ගමන් බස් කරන තැන්වල පමණක් නතර කර මගින් එක් කර ගන්නවා කියලා හිතනවා නම් ඒක සිහිනයක්. රුපියල් 20ට මිනීමරණ එවුන් කවුරු හිටියත් මගින් දාගන්නවා ුර ගමන් බස් ක්‍රියා විශේෂත්වයක් නැහැ උන්ට එහෙම නම් හැම බස් එකක් පිටිපස්සේ එහෙම control වෑන් එකක් යන්ඩ ඕන