
( සුමිත් පොතුපිටිය )
කළුතර ටෙලිකොම් කුළුණේ බැටරි ගැලවූ බව කියන ටෙලිකොම් ආයතනයේම තාක්ෂණ ශිල්පියෙකු සහ රිය සහායකයෙකු අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.
ටෙලිකොම් ආයතනයේම උසස් නිලධාරියෙකු විසින් කළ පැමිණිල්ලක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් පසු සොරාගත් රුපියල් ලක්ෂ හයකට අධික වටිනාකමකින් යුත් බැටරිද පොලිස් භාරයට ගෙන තිබේ.
විදුලි විසන්ධි වීමෙන් පසු ටෙලිකොම් කුළුණේ සංඥා පද්ධතිය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක විය යුතු බවට කොළඹ පාලක මැදිරියෙන් කළ දැනුම් දීමකින් පසු කළුතර ඉංජිනේරුවන් විසින් සොයා බැලීමේදී බැටරි ගලවා ඇති බව නිරීක්ෂණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන කට්ටිය තරම් මොළයක් තියෙන තවත් පිරිසක් නැතුව ඇති. ඉස්සර අපේ දුරකථනය නිතර නිතරම විසංධි වුණා. ඒ ගැන පැමිණිළි කළාම බැටරි දෝෂයක් නිසා ඔහොම වෙනවා කියලා 2019 ට පෙර ෆයිබර් ලයින් ගන්න කිව්වා. ඒක මර උගුලක් කියලා තේරුනේ ගත්තාට පස්සේ තමයි... ෆයිබර් ලයින් විදුලිය විසංධි වුණු වේලාවට වැඩ කරන්නේ නැහැ. ඒක ඇහුවාම කියනවා ඒකට දහස් ගණනක් වියදම් කර බැටරියක් ගන්න කියලා.. ඊළඟට ෆයිබර් ලයින් ගත්තට පස්සේ අපේ නිවසේ තිබුණු රැහැන් ගලවා ගෙන ගියා. අනෙක් අයගේ තවමත් තියෙනවා... ඒකත් මොකක් හෝ හොරකමක් කියලා හිතෙනවා. ඇත්තටම දුරකථන අත්‍යාවශ්‍යම වුණත් එමගින් විවිධා කාරයෙන් සූරාකෑම තමයි ඉවසන්න බැරි උදාහරණයක් හැටියට මොබිටෙල් ජංගම දුරකථන හරහා දිනකට දෙතුන්වරක් විවිධ පහසුකම් දෙනවා ගන්න කියලා ගැහැණියක් බෙරිහන් දෙන වාදනයක් ලැබෙනවා හරිම කරදරයක් තමයි...