
පාර්ලිමේන්තුවට යද්දීත්, රාජකාරී සඳහා යද්දීත් නිරන්තරයෙන් පා පැදිය භාවිතයට ගන්නා නවසීලන්තයේ හරිත පක්ෂයේ මන්ත්‍රීවරියක වන 41 හැවිරිදි ජුලී ඈන් ජෙන්ටර්, දරු ප්‍රසූතිය සඳහා ද පා පැදියෙන් රෝහල් ගත වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
'මම දරු ප්‍රසූතියට පා පැදියෙන් රෝහලට යන්න සැලැසුම් කර තිබුණේ නැහැ. ඒත් රෝහලට යෑමට සිදුවුණු වෙලාවේ මට ලොකු අමාරුවක් තිබුණේ නැහැ. ඒ නිසයි පා පැදියෙන්ම රෝහලට ගියේ' යැයි දරු ප්‍රසූතියෙන් පසු ජුලී ඈන් ජෙන්ටර් ඇගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ පවසා තිබේ.
ජුලී ඈන් රෝහලට ගොස් ඇත්තේ ඇගේ සැමියාගේ ද සහාය ඇතිවය. දරු ප්‍රසූතිය සිදුවී ඇත්තේ ඇය රෝහල්ගත වී පැයක් යද්දී යැයි මාධ්‍ය වාර්තා පැහැදිලි කර තිබේ.
පරිසරයට ආදරය කරමු, පා පැදියෙන් රැකියාවට යමු යන සංකල්ප නවසීලන්ත වැසියන් අතරේ ජනප්‍රිය කරලීමට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන පරිසර ක්‍රියාකාරිනියක ලෙස ද ජුලී ඈන් ජෙන්ටර් ප්‍රසිද්ධියට පත් වී සිටී. ඇය ඇමෙරිකාවේ උපත ලැබූ තැනැත්තියකි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ආදර්ශයක් දිය හැකි කෙනෙක් අපේ පාර්ලිමේන්තුවේ ඉන්නවා නම් වහා ඉදිරිපත් වී එලෙස කටයුතු කරන්න. රනිල් මහත්තයා නම් අරලිය ගහ මන්දිරයේ සිට පාර්ලිමේන්තුවට ආවේ හෙලිකොප්ටරයෙන් කියලා තමයි අනුර දිසානායක මහත්තය කියන්නේ... එහෙම ගියත් වෙඩි නොවදින වාහන දෙකක් තිබුණලු. ඒ දෙකේ වටිනාකම කෙසේවෙතත් ලක්ෂ 600ක් 700ක් පමණ මහජන බදු මුදල් වැය කරලා තමයි ගෙන්වල තියෙන්නේ. අනේ අපේ පාර්ලිමේන්තුවේ එවුන්නම් නොදකින්... ඔක්කොම එකයි. මේ වගේ රටක අපි ඉපදුනේ මොනතරම් පවකටද? එකෙකුට බැරි යැයි පුද්ගලික යෝජනාවක් හරි කරලා උපරිම ලක්ෂ 50ක පමණ වාහනයක් දෙන්න කියලා යෝජනාවක් කරන්න. කෝ කොයි කෙනාද එහෙම කරන්නේ...? රජපක්ෂ පවුලේ අය විතරක් අයියලා, මල්ලිලා, පුතාලා ටික කෝටි 1000කට වැඩිය වටිනාකම් ඇති වාහන භාවිතා කරනවා. ගිය ආණ්ඩුවේත් දයා ගමගේටයි, නෝ්නටයි වාහන දෙකක්. මේවා කවදාම හරි පලදෙනවා.
නවසීලන්තය හරිම දුප්පත් රටක් වගේ... ඒකට ලංකාවේ මන්ත්‍රීලා හරිම පෝසත්... කෝටි හතරට අඩු වාහන පදින්නේම නැහැ...
නවසීලන්ත දේශපාලකයින් ඔවුන්ගේ රට හදලා දැන් ඔවුන් කළමනාකරණය කරමින් පවත්වාගෙන යනවා. අපේ රටේ පාලකයින් රට හදනවා වෙනුවට, ඔවුන් හැදිලා...
ලංකාව අධිරාජ්‍යවාදය තුළ තිබීම නිසා දූපත් මානසිකත්වයෙන් ගොඩඒමට නොහැකි ගානයි. තමා උපයා නැති මුදලක් වියදම් කරමින් එක් සමාජ පන්තියක් ගාම්භීර සොරකමේ නිරතවන අතර අනිත් සමාජ පන්තිය වැරහැලි මත වැතිරී සොරුන්ගේ උජාරුව ගැන කථාබහ වෙයි. සොරකම සාමාන්‍යය දෙයක් ගානට දමා කථාකරන උගතුන් මේ සියල්ලන්ටම වඩා වංචනිකයින් වන්නේ ඔවුන් තානාන්තර සොරකමේ ගොස් තමා අත පව් නැතැයි සිතන බැවිනි. සමස්තයක් වශයෙන් ගත් කළ සුද්දන් පොළවේ පයගසා ජීවත්වන මෙවන් කාලයක වුවද ශ්‍රී ලංකාවේ තරුණ පරපුරද මුහුණු පොතේ ජීවත් වන්නට ගොස් තමන්ට හෝ තම රටට වෙන දෙය ගැන වගක් නැතිව සිහින ලොවේ පාවෙති. මෙහි කියැවෙන ආදර්ශමත් මිනිසුන් මෙරට දේශපාලකයන් අතර තියා උගතුන් අතරත් විරලයි...
ලංකාවේ නම් මන්ත්‍රී වෙන්න ඉස්සෙල්ලා දරු ප්‍රසූතියට යන්නේ බයිසිකලෙන්, බස් එකෙන්, අත් ට්‍රැක්ටරෙන් හෝ පින්සෙන්ඩුවෙලා ඉල්ලා ගන්නා කාර් එකකින්...
ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕන නැහැ. ඒක තමයි මෙයාට කියන්න තියෙන්නේ.
මහින්ද මහත්තයට දැන් හරි ගිහිල්ලනෙ. නැත්තම් එයත් යන්නෙ පා පැදියෙන් තමයි.
ලෝකයේ සිටි විශිෂ්ඨ චරිතයක්... ඇයට සුබපැතුම්...!!!
ඇයි මේ ගොල්ලන්ට නවසීලන්ත රජයෙන් බී එම් ඩබ්ලියු, ලැම්බෝගිනි, දෙන්නේ නැද්ද? ඩියුටි ෆ්‍රී කාර් දෙන්නේ නැද්ද? පව් නේද? ඒකට මෙහෙ ඉස්කෝලේ යන කාලේ බයිසිකලයක් නැතිව සිටි ගොයියන් දේශපාලුවන් වුණාම බී.එම්.ඩබ්ලියු.., වලින් ගමන... නොදකින්...!