(සුරංග රාජනායක)
මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ නාරංවිට බණ්ඩාරවත්ත පදිංචි බෝපාවිට ගෙදර ශාන්ති කුමාරී නැමති පනස් හැවිරිදි සිව් දරු මවකි.
ඇයට ගැහැනු දරුවන්ම සිව් දෙනකු සිටින අතර ඉන් තිදෙනකු ම පාසල් යන වයසේ පසුවෙති.
ඇගේ සැමියා පුද්ගලික ආයතනයක කම්කරුවකු ලෙස සේවය කරන අතර මියගිය තැනැත්තියට රැකියාවක් නොමැති බවද අනාවරණය විය.
සැමියා උපයන සුළු ආදායම පවුලේ නඩත්තුවට ප්‍රමාණවත් නොවීම නිසා පාසල් ළමුන්ගේ උපකරණ සැපයීම, ආහාර සපයාගැනීම ,බෙහෙත් ගැනීම ආදී කාර්යයන් ඉටු කර ගැනීමේදී අසීරු තත්වයක මොවුන් සිට ඇත.
බොහෝ ආහාර වේල් සපයා ගැනීම සඳහා කොස් පොළොස් සොයා ගැනීම මෙම මව සිදුකර ඇති අතර පසුගිය 10 දින ද ඇය ඒ අනුව දහවල් ආහාර වේල සකසා ගැනීමට උත්සාහ කරමින් සිට ඇත.
නිවස අසල කොස් ගසේ ගෙඩියක් තිබෙනු දැක එය කඩා ගැනීමට ඇය විවිධ උත්සාහයන් දරා ඇත. දිගු රිටකට පිහියක් බැන්දද එයට වඩා උසින් කොස් ගෙඩිය තිබෙන නිසා ඒ දේ ඉටුකර ගැනීමට නොහැකි වී තිබේ. ඇය කොස් ගස අසල ඇති සාදික්කා ගසට නැඟ මෙම ගෙඩිය කැඩීම උත්සාහ කර ඇත .
සියලු උත්සාහයන් දැරුවද එය අසාර්ථක වුවද දරුවන්ගේ කුස ගිනි ගැන සිතූ ඇය කොස්ගෙඩිය කැඩීමට ගසට නැග තිබේ .
ඒ සමඟ ලොකු ශබ්දයක් ඇසී දරුවන් ගස අසලට පැමිණෙන විට ඇය ගස ළඟ වැටී සිටින බව දැක ගම්වාසීන්ගේ සහාය ලබාගෙන ඇය ගම්පොල රෝහලට රැගෙනවිත් ඇත.
දින පහක් පමණ ඇය රෝහලේ ප්‍රතිකාර ලබා ව ඇය ජීවිත ගමනින් නික්ම ගියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න තුන්වේල කන්න දෙනවයි කියමින් ආපු රනිල්ගේ පාලනයේ ඛේදවාචකය. මෙහෙම තත්වයක් තියෙද්දී තමයි අර වජිර අබේවර්ධන කියන්නේ අවුරුදු 12ට රනිල්ට බලය දෙන්නලු. තවතවත් ඇමැති, රාජ්‍ය ඇමැති, උපදේශකලා පත් කරන්න. අපි 75 වැනි ජාතික දිනයත් ඉහළින් සැමරුවා. ආසියාවේ ලොකුම කුළුණත් මෙහෙ තමයි තියන්නෙත්...
ඉතාම කණගාටුයි... ජනතාවට මෙහෙම අමාරු කාලයක් කවදත් තිබුණේ නැහැ. රට මේ තත්වයට පත්කරපු අයටනම් හොඳක් සිදුවෙන්නේ නැහැ.
මෙවැනි ඛේදජනක ඉරණමක් රටේ තියෙද්දී, කාලකණ්ණි දේශපාලකයන්ට කිසිම ගාණක් නෑ...
අනේ හරිම දුකයි මේවා අහන්න ලැබීම. රට මේ තත්වයට පත්කරපු දේශපාලකයින්ට ගාණක්වත් නෑ. ඔවුන් කොහොමද බලය ගන්නේ කියලා තමයි බලන්නේ.. දරුවන්ටයි, ස්වාමියාටයි මොන දුකද්ද? මියගිය මවට නිවන් දක්නා තුරු මෙවන් දුක්ඛිත මරණයකට ගොදුරු නොවේවා....
ජනතාව දරිද්‍රතාවයෙන් පෙලීම... මෙයට හේතුවයි...!