(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකාවේ දරු උපත්වලදී මව්වරුන් මියයාම ඉහළයමින් තිබෙන අතර, සජීවී දරු උපත් 100,000කට මව්වරු 40ක් මිය යන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ලේකම් ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා පැවසීය.
ඉකුත් 2017 වසරේදී ශ්‍රී ලංකාවේ මව්වරුන් 326,000ක් සජීවී දරුවන් බිහි කළ අතර, ඉන් 15%ක ප්‍රමාණයක් වයස අවුරුදු 35ට වැඩි කාන්තාවන් බවද කපිල ජයරත්න මහතා කීය.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ එක්සත් ජාතීන්ගේ ජනගමන අරමුදල ඒකාබද්ධව ඉකුත් දා කොළඹදී පැවැති වැඩසටහනකදී ඔහු එසේ සඳහන් කළේය.
පවුල් සැලසුම වටා නිර්මාණය වී තිබෙන මිත්‍යා සහ දුර්මත දුරලීම සඳහා එම සංවාද වැඩසටහන පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයට මූලික හේතුව ඇත්තටම මව නිරෝගී නොවීමද නැත්නම් වෙනත් අදිසි බලවේගයක්ද කියන එක ගැන සම්පූර්ණ පරීක්ෂණයක් අවශ්‍යයි. මොකද මියයන මව්වරු අති බහුතරය සිංහල, බෞද්ධ මව්වරු වෙන්න පුළුවන් නිසා. වැඩියෙන්ම මියගියේ මොන පළාත්වලද, දරු උපත භාරව කටයුතු කලේ මොන ආගමක වෛද්‍යවරයෙක්ද, සහ වටේ සහයට හිටියේ මොන ආගමක අයද සහ මියයාමට හේතුව කුමක්ද යන්න අනිවාර්යයෙන් සොයා බැලිය යුතුයි.
ඇමති කියන විදියට නම් ලංකාවේ සෞඛ්‍ය සේවය එංගලන්තයටත් ඉහලයි
ඇමති කොමිස් කකා ගෙන්වන හොර බෙහෙත්වල ප්‍රතිඵල වෙන්නත් පුළුවන්
සමහර දොස්තරලගේ තියෙන නොසැලකිල්ල තමා හේතුව.
මුසල්මානුවන්ද?