( ප්‍රියානි මංගලිකා )
හෙට්ටිපොළ සිය කාර්යාලයයේදී කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පසු මේ වන විට ප්‍රතිකාර ලබන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හමුවීමට එදින එම කාර්යාලයට ගිය නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයේ පුද්ගලයන් හත් දෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් 30ක් පමණද නිරෝධායනයට ලක් කළ බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
මේ අනුව රස්නායකපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් හතරක් ඇතුලු එම පවුල් වල අයස,කොටවෙහෙර ප්‍රාදේශීය පදිංචි පුද්ගලයන් තිදෙනෙකු සහ ඔවුන් ගේ පවුල් වල අයද මෙලෙස ස්වයං නිරෝධායනයට ලක් කළ බවද කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.
දයාසිරි අමාත්‍යවරයා හමුවීමට මෙම පුද්ගලයන් හත් දෙනා මෙදින එම කාර්යාලයට ගොස් මහජන දිනයට සම්බන්ධ වී ඇතිබව අනාවරණය වී ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.
නිරෝධායනයට ලක් කළ පිරිස් වලට පී.සී.ආර් .පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවද ,මෙම පිරිසට අවශ්‍ය උපදෙස් ලබා දී ,ඔවුන් ගේ නිවෙස් තුළම නිරෝධායන ලක් කර ඇති බවද ,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දයාසිරි හමුවෙන්න ගිය හත් දෙනකුගේ ආශ්‍රිතයින් 30 ක් නිරෝධායනයට
දේශ ප්‍රේමින් Monday, 11 January 2021 07:41 AM
අනේ වාසනාවන්...!!!
Puppa Monday, 11 January 2021 11:32 AM
දැන් හිටියා ඇති... ඇතිපදම් සැපගත්තා... බොරු කිය කිය...
kithsiri Monday, 11 January 2021 12:08 PM
මේ රටේ සියලුම හොර, දුෂිත, ජනතාව රවටපු, රස්තියාදුකාර දේශපාලුවන් සියලුදෙනාටම ස්වභාව ධර්මයෙන් පිළිතුරු ලැබෙන්න පටන් අරගෙන. නන්දසේන බලයට පත්වුණු දවසෙ ඉඳලා අද වෙනකම්ම රට විනාශවුණා. මිනිහාට වැරදුනේ රුවන්වැලිසෑය ඉදිරිපිටදී දිවුරුම්දීමයි. මිනීමරුවන් රුවන්වැලිසෑය ඉදිරියේ දිවුරුම් දුන්නොත් ඒ ශාපය මුලුරටටම බව පැරැන්නෝ දනිති. දැන් ඒ ශාපය නන්දේ ඇතුළු හොර රැලටම කැරකෙන්නයි යන්නේ...
ravin Monday, 11 January 2021 12:09 PM
රට පාවාදෙන්නෝ විනාශ විය යුතුමයි. සොබාදහමේ නීතිය එයයි.