(ඩයනා උදයංගනී)
තම පක්ෂයට ජනතා විමුක්ති පෙරමුණ සමඟ සන්ධානගතව කටයුතු කළ හැකි බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශය එතුමාගේ පෞද්ගලික අදහසක් මිස පක්ෂයේ මතය නොවේ යැයි එම පක්ෂ භාණ්ඩාගාරික, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සෑම තීන්දුවක්ම ගන්නේ පක්ෂ නායකත්වය, මධ්‍යම කාරක සභාව ඇතුළු සියල්ලන් එක්ව බවත්, ජනතා විමුක්ති පෙරමුණ සමඟ සන්ධානගතවීමක් සම්බන්ධයෙන් මේ වන තුරු සාකච්ඡා කර නොමැති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ මොහොතේ පක්ෂය වැඩි අවධානයක් දී ඇත්තේ ජනතාවට පවතින ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම සම්බන්ධයෙන් බව කී අලගියවන්න මහතා මෙය සන්ධානගතවීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සුදුසු වේලාවක් නොවන බව ද කීවේය.
ලසන්ත අලගියවන්න මේ බව පැවසුවේ ගම්පහ, අත්තනගල්ලේදී අද (26) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටේ ජනතාව මුහුණ පා ඇති ප්‍රශ්නවලින් ගලවා ගැනීම සඳහා හැකි සෑමවිටම කටයුතු කරන බව කී රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය කොරෝනා වසංගත සමයේදී ඇතිවූ රුධිර හිඟයට විසඳුමක් ලෙස රුධිර ඒකක 10,000කට වැඩි ප්‍රමාණයක් රුධිර බැංකුව වෙත පරිත්‍යාග කිරීම එවැනි එක් අවස්ථාවක් බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"...ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටේ ජනතාව මුහුණ පා ඇති ප්‍රශ්නවලින් ගලවා ගැනීම සඳහා හැකි සෑමවිටම කටයුතු කරන බව කී රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය කොරෝනා වසංගත සමයේදී ඇතිවූ රුධිර හිඟයට විසඳුමක් ලෙස රුධිර ඒකක 10,000කට වැඩි ප්‍රමාණයක් රුධිර බැංකුව වෙත පරිත්‍යාග කිරීම එවැනි එක් අවස්ථාවක් බව පැවසීය...." නිදහස ලැබුණුදා සිට අවුරුදු 73 ක් පමණ එජාප සහ ශ්‍රීලනිප පක්ෂ දෙකේ කපටි දේශපාලුවන් විසින් මහා ජනතාවගේ රුධිරය " ටොන් " කීයක් උරාබී ඇතිද...? ඒ දේශද්‍රෝහී දේශකාපාලුවන් අදටත් හොඳින් වැජඹුණත් ...හෙට දවසේ ඔවුන්ට නියමිත තිත්ත ඉරණම් කතාව ඔවුන් නොදනිද...? නැතිනම් අකමැත්තෙන් හෝ අමතක කරමින් ඇතුලතින් දැවී දැවී ඉරණම් ගමන යන්නට සුදානම් වෙමින් සිටින්නේද...?
අපි හිතුවා දයාසිරි කියන්නේ දේශපාලන කොන්දක් යාන්තන් හරි අමුණාගෙන කෙළින් ඉන්න මිනිහෙක් කියලා. ඒත් උන්දැ කියපු කතාවෙන් තේරුණේ මිනිහාගේ ශරීර කූඩුව හයියට තිබුණාට දේශපාලන වශයෙන් මහ දියාරු නිවට නින්දාරමක් බව... දේශපාලන කොන්ද තියෙන එකා තමන්ට එක ඡන්දයක් හම්බවුණත්, තමන්ගේ දේශපාලන මතය ඡන්දෙ තියෙන පැත්තට නමාගන්නේ නෑ. දේශපාලන ප්‍රතිපත්තියක් නැති මිනිස්සු කොහොමද රටක් ගොඩනගන්නේ... මෙයාට හරියන්නේ බතික් ඇමැතිකම තමයි...
ඔය කුණු ගොඩවල් කර ගහන්න ජනතා විමුක්ති පෙරමුණට පිස්සු නැත.හැම ප්රශ්නයේදීම ආණ්ඩුවට දනිමින් අන්තිමට ආණ්ඩුව ශක්තිමත් කරන්න ඕනේ කියලා චන්දේ දෙමින් ජනතාව මුලා කරන මේ හොරු සෙට් එකට ලබන චන්දෙදී වෙන්නේ රනිල්ට උන දෙය
දැන් එතකොට පක්ෂයේ මහ ලේකම් කියන්නෙත් පක්ෂයේ මතය නෙමෙයි නම් කවුද පක්ෂයේ මතය කියන්නේ .ඔබතුමා මේ දැන් කියන්නේ මේ පක්ෂයේ මතය කියලද?මහලේකම් කියපු කාරනයන්ට ජේ.වී.පී එක හරි කීවානම් ඒක පක්ෂයේ මතය කියලා ඔබතුමා කියයි නේද?
තවත් රට අගාධයට පත්කරලා ජවිපය එක්ක සංධානගත වුණාම හරි..
එක එක පාටින් එන්නේ එකම ගොන් රැළ කියලා දැන්වත් මිනිස්සු දැනගන්න ඕනෑ...