
( සමන් පාලිත නානායක්කාර)
දියතලාව දොඩම් වත්ත හෙලවත්ත නිවසක අද (30) ගෑස් ලිපක් පිපිරී ගොස් ඇතැයි දියතලාව පොලිසිය කියයි.
මෙම පිපිරීමෙන් ජීවිත හානි කිසිවක් නොමැති බව පොලීසිය . ගෑස් ලිප පුපුරන අවස්ථාවේ නිවසේ සිටි දර්ශන ලක්මාල් 26 මෙසේ කීවේය.
ගෑස් ලිප් පුපුරන බව කියන නිසා අපි උදේ දර ලිපෙන් තමයි කෑම හැදුවේ. මමයි අම්මයි නංගිලා දෙන්නයි ගෙදර ඉන්නේ. හයයි තිහට විතර අම්මා නංගිව පාසල් යවන්න පාරට එක්කරගෙන ගියා.මම කාමරයේ හිටියේ . කුස්සියෙන් එක් වරම විශාල ශබ්දයක් ඇසුනා.
මම බෙඩ් ෂීට් එක අරගෙන ඇවිත් වහලා රෙගුයුලේටරය ගලවලා ගෑස් සිලින්ඩරේ එළියට දැම්මා. ගෑස් ලිප විනාශ වී තිබුණ.’

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නම් පැහැදිලියි ප්‍රොපේන් ප්‍රතිශතය වැඩිකරලා කියලා... අලුත් ටැංකිවල ගෑස් ටිකක් ඇරලා පීඩනය අඩුකර ගත්තොත් යම් තරමක් අවදානම අඩු කරන්න පුළුවන් නේද? .