(රේඛා තරංගනී ෆොන්සේකා)

ණය බරින් නිදහස් වෙන්න  ලියුම් බෙදන ගමන් කුඩු ප්‍රවාහනය කළ තැපැල් සේවකයකු හෙරෝයින් මිලිග්රෑම් 5150 සමග (6) අත්අඩංගුවට ගත් බව අගුලාන පොලිසිය පැවසීය.

සැකකාර ලියුම් බෙදන්නා කුඩු බෙදාහරින බවට ලැබුන තොරතුරකට අනුව සිදුකල සෝදිසියේදී සැකකරු සන්තකයේ තිබී හෙරෝයින් සොයා ගත් බව පොලිසිය පැවසීය.

සැකකරු මත්ද්‍රව්‍යට ඇබ්බැහි නොවු පුද්ගලයකු බව සදහන් කළ පොලීසිය ඔහු බෙදා හැර ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමට නම් දැරු කුඩු අංජු නමැත්තාගේ හෙරෝයින් බවට තොරතුරු හෙලිවී ඇතැයි පොලිසිය පැවසීය.

රජයේ රැකියාවකුත් තිබියදී ජාවාරමට යොමුවුනේ ඇයිදැයි සැකකරුගෙන් විමසු විට ලැබෙන වැටුප ජීවත් වීමට ප්‍රමානවත් නැති බව සදහන් කළ ඔහු සිය දියණියට අයිස්ක්‍රිමක් අරන් දෙන්නවත් වැටුප ඉතිරි නොවන බැවින් මෙසේ මුදල් ඉපයිමට යොමු වු බවට ඔහු පාපොච්ඡාරණය කළ බව පොලිසිය පැවසීය.

දිණක් දියණිය සිය මිතුරියක් අයිස්ක්‍රිම් කනවා දැක තමාගෙන් අයිස්ක්‍රිම් ඉල්ලා සිටියද එදා අතේ මුදල් නොවු නිසා අයිස්ක්‍රිම් දියණියට ගෙනදීමට නොහැකි වු බව සැකකරු හෙළි කළ බව පොලිසිය පැවසීය.

කාලයක් අමතර මුදල් ඉපයිමට සුදු ක්‍රිඩාවේ යෙදී අවසානේ එයින්ද ණය විණැයි සැකකරු හෙළිකල බවද පොලිසිය පැවසීය.

අවසානයේ පහලටම වැටුන පවුලේ ආර්ථිකය ගොඩ ගැනීමට මෙසේ හෙරෝයින් ප්‍රවාහනයට යොමුවු බව සැකකරු විසින් වැඩි දුරටත් හෙළිකල බව පැවසීය.

අත්අඩංගුවට පත් සැකකරු ගේ පෙර වැරදි නැති බව සදහන් කල පොලිසිය සැකකරු ශාන්ත සේවියර් පල්ලිය පිටුපස නිවස අසලදී අත්අඩංගුවට ගත් බව පැවසීය.