(රේඛා තරංගනී ෆොන්සේකා)
ණය බරින් නිදහස් වෙන්න ලියුම් බෙදන ගමන් කුඩු ප්‍රවාහනය කළ තැපැල් සේවකයකු හෙරෝයින් මිලිග්රෑම් 5150 සමග (6) අත්අඩංගුවට ගත් බව අගුලාන පොලිසිය පැවසීය.
සැකකාර ලියුම් බෙදන්නා කුඩු බෙදාහරින බවට ලැබුන තොරතුරකට අනුව සිදුකල සෝදිසියේදී සැකකරු සන්තකයේ තිබී හෙරෝයින් සොයා ගත් බව පොලිසිය පැවසීය.
සැකකරු මත්ද්‍රව්‍යට ඇබ්බැහි නොවු පුද්ගලයකු බව සදහන් කළ පොලීසිය ඔහු බෙදා හැර ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමට නම් දැරු කුඩු අංජු නමැත්තාගේ හෙරෝයින් බවට තොරතුරු හෙලිවී ඇතැයි පොලිසිය පැවසීය.
රජයේ රැකියාවකුත් තිබියදී ජාවාරමට යොමුවුනේ ඇයිදැයි සැකකරුගෙන් විමසු විට ලැබෙන වැටුප ජීවත් වීමට ප්‍රමානවත් නැති බව සදහන් කළ ඔහු සිය දියණියට අයිස්ක්‍රිමක් අරන් දෙන්නවත් වැටුප ඉතිරි නොවන බැවින් මෙසේ මුදල් ඉපයිමට යොමු වු බවට ඔහු පාපොච්ඡාරණය කළ බව පොලිසිය පැවසීය.
දිණක් දියණිය සිය මිතුරියක් අයිස්ක්‍රිම් කනවා දැක තමාගෙන් අයිස්ක්‍රිම් ඉල්ලා සිටියද එදා අතේ මුදල් නොවු නිසා අයිස්ක්‍රිම් දියණියට ගෙනදීමට නොහැකි වු බව සැකකරු හෙළි කළ බව පොලිසිය පැවසීය.
කාලයක් අමතර මුදල් ඉපයිමට සුදු ක්‍රිඩාවේ යෙදී අවසානේ එයින්ද ණය විණැයි සැකකරු හෙළිකල බවද පොලිසිය පැවසීය.
අවසානයේ පහලටම වැටුන පවුලේ ආර්ථිකය ගොඩ ගැනීමට මෙසේ හෙරෝයින් ප්‍රවාහනයට යොමුවු බව සැකකරු විසින් වැඩි දුරටත් හෙළිකල බව පැවසීය.
අත්අඩංගුවට පත් සැකකරු ගේ පෙර වැරදි නැති බව සදහන් කල පොලිසිය සැකකරු ශාන්ත සේවියර් පල්ලිය පිටුපස නිවස අසලදී අත්අඩංගුවට ගත් බව පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දියණියට අයිස් අරන් දෙන්න කුඩු ඇද්ද පියුම් මාමා
athulasiri Tuesday, 07 February 2023 04:03 PM
මොකක්ද මෙ මාමගෙයි දෝනිගෙයි තියන සම්බන්දෙ ? ඉතුරුටික ඉතින් ලියන්න අවශ්‍ය නැැනෙ .
pakeer Tuesday, 07 February 2023 04:36 PM
පවු ඉතින්. මේවට මොනවා කියන්නද කියලා හිතා ගන්න බැහැ