IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දියණියගේ මරුවා වයරයෙන් එයි

(කේ. බුද්ධික කුමාරසිරි)

මොරගහහේන මිල්ලෑව ප්‍රදේශයේ නිවසක් ආලෝකමත් කිරීමට සවිකර තිබූ විදුලි බුබුළු වැලක සිදුවූ විදුලි කාන්දුවක් නිසාවෙන් එම විදුලි බුබුළු වැල ස්පර්ශ කළ නව හැවිරිදි දියණියකට විදුලි සැර වැදී අද (12) දින සවස මිය ගොස් ඇතැයි මොරගහහේන පොලිසිය පවසයි

මෙලෙස මියගොස් ඇත්තේ මිල්ලෑව ධම්මානන්ද මාවතේ පදිංචිව සිටි නව හැවිරිදි දියණියක් වන අතර ඇය මෙම වසරේදී ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට සිට ඇති අතර පාදුක්ක වටරැක කනිෂ්ට විද්‍යාලයේ පහ වසරේ ඉගෙනුම ලබා ඇත

අදාළ නිවසේ ඉදිරිපස සවිකර තිබූූ හෝල්ඩරයකින් එම විදුලි බුබුලි වැලට විදුලි සම්බන්ධතාවය ලබාගෙන තිබූ බවත් නිවසය අර්ත් වයරය කැඩී ගොස් පොලවට සම්බන්ධයක් නොතිබූ බැවින් ක්ෂණිකව විදුලි සම්බන්ධතාවය විසන්ධි නොවී ඇති බවත් විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් පැමිණ සිදුකළ පරික්ෂාවේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි

 



අදහස් (4)

දියණියගේ මරුවා වයරයෙන් එයි

ගුණරත්න Sunday, 11 May 2025 09:15 PM

මේ වෙසක් මාසේ නිසා හැමෝම බල්බ්වැල් දානවා. ඒත් විදුලිය එක්ක පරිස්ස්මෙන් වැඩ කරන්න දරුවන්ට කියන්න, රබර් සෙරෙප්පු දෙකක් හරි දාගෙන ඉන්න කියන්න.

:       1       0

nimal Monday, 12 May 2025 11:42 AM

මොනම හේතුවකටවත් කර්මය වලක්වන්න නොහැකිය. පුළුවන් තරම් පින් කරන්න. දේශපාලන කුහකකම්, වංචාවන්, මත් ද්‍රව්‍ය ව්‍යාපාර , මහජන දේපල මුදල් හොරකම්,, මනුස්ස ඝාතනයන් ..............මෙකී නොකී සියලුම අකටයුතු දේවල් ..............කිරීමෙන් වලකින්න ............ පින් කරන්න..........

:       1       2

සෙනෙවිරත්න Monday, 12 May 2025 01:30 PM

අර්ත් වයරයේ කතාවක් වැඩක් නැහැ... ගෙදර ට්‍රිප් ස්වීචය හොඳට තිබුණා නම් ඕක වෙන්නේ නැහැ. දැන් තියෙන්නේ කරන්ට් ඔපරේටඩ් ට්‍රිප් ස්වීච්, එන විදුලිය කොතැනින් හෝ භූගත වුනොත් ඇතිවන අසමතුලිතභාවය මත ඒක වැඩ කරනවා, ඉතා කුඩා ධාරාවක් පවා ශරීරය හරහා භූගත වූ විට සම්බන්ධය කපා හරිනවා...

:       0       2

ශානත් Thursday, 15 May 2025 12:55 PM

නිවසේ බූගත වයරය කැඩී ගොස් ඇතිනම් එය සොයා බලා අළුත් උපකරණ ගෙනවිත් ස්ථාන ගත කරන්නේ නම්, මෙවැනි අනතුරු.වළක්වා ගන්න තිබුණි. මෙිහිදී දෙමව්පියන් ද ළමයා ගැන නොසැලකිලිලෙන් සිට ඇත . එක්කෝ නිවසේ ප්‍රධාන පේනු (Main Switch) නිවා දමා තිබූණි නම් අද ළම⁣යා ජිවතුන් අතරය. දරුවා අප අතරම ඉපදෙත්වා . නිරිවාණ සමසම්පත්තිය ලැබෙත්වා පරලොව දිවිය සුඛිත මුදිත වෙත්වා යි පුාර්ථනා කරමු තෙරුවන්ගේම සරණයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site