
(සුමිත් පොතුපිටිය)
අමතර පංතියක සිටි දියණිය කැටුව ඒමට යමින් සිටි පියකු මෝටර් රථයකට යටවී මියගොස් ඇති බව වාද්දුව පොලිසිය පවසයි.
අනතුරෙන් මියගොස් ඇත්තේ වාද්දුව මහවිහාර පාරේ පදිංචිව සිටී සුදු දෙවගේ ලලිත් තුෂාර නමැති 44 හැවිරිදි එක්දරු පියකු බව පොලිසිය සදහන් කරයි .
මියගොස් ඇති තැනැත්තා පානදුර දෙස සිට කළුතර දෙසට ගමන්කරමින් සිට ඇති අතර, පිටුපසින් පැමිණි මෝටර් රථය ඔහු යටකර ඉදිරියට ගමන්කර ගාලු පාරේ විදුලි ආලෝක කනුවක ගැටී නතරව තිබේ.
මෝටර් රථයේ ගැටුන තැනැත්තා මීටර් 20 ක් පමණ ඈතට විසිව ගොස් ඇති බව පොලිසිය පවසයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd