(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
16 හැවිරිදි දියණිය ඇගේ මවගේ ගෙල සිරකරා මරා ඖෂධ වැඩියෙන් පානය කර දිවි නසා ගත් බවට පොලිසියට කියන්න ආ දැරියක අත්අඩංගුවට ගත් බව දිවුලපැලැස්ස පොලිසිය කියයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ දිවුලපැලැස්ස රොටවෙල නව ගම්මානයේ පදිංචිව සිටි රාජසිංහ ආරච්චිලාගේ චන්ද්‍රාවති නැමැති 47 හැවිරිදි කාන්තාවකි.
මහියංගනය රෝහලේ සායනයකින් ඖෂධ වර්ගයක් වැඩියෙන් පානය කර මව සිය දිවි නසාගෙන ඇති බවට සැක කරන බව දැරිය පොලිසියට මුලින් සඳහන් කර ඇත.
මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරික්ෂණය මහියංගනය රෝහලේදී පවත්වා ඇති අතර එහිදි මෙම මරණය ගෙළ සිරවීමෙන් සිදු වූ මරණයක් බවට තහවුරු වීමෙන් පසු සිදු කළ මූලික විමර්ශනවලින් සුව 16 හැවිරිදි දැරිය පොලිස් අත්අඩංගුවට පත් විය. .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටට මොකද මේ වෙන්න යන්නේ... කෙල්ලොත් මිනී මරන්න පටන් අරන්.... මියගිය මවට නිවන්සුව පතමු.!
මේ ගෙදර සිටියේ අම්මයි දුවයි විතරද? කිසිවක් හිතාගන්න බැහැ.
ලංකාවේ සිංහල අයට හොඳ ඇගයීමක් ඕනේ... ඉන්දියාවෙන් ආනයනය කරමුද තව එකක්...