
(රංජිත් රාජපක්ෂ)
තම දියණිය ඝාතනය කළ පියාට නුවරඑළිය මහාධිකරණ විනිසුරු ප්‍රමිල රත්නායක මහතා අද (4) මරණ දඬුවම නියම කළේය.
මෙසේ මරණ දඬුවම නියම කරනු ලැබුවේ නුවරඑළිය රාගල හල්ගන්ඔය ප්‍රදේශයේ පදිංචි සෝමසුන්දරම් සුරේෂ් නැමති 41 හැවිරිදි පුද්ගලයකුටය.
තම නිවසේදී වයස අවු 3 ½ හැවිරිදි සුරේෂ් ඉන්දියා නැමති දියණිය ගෙල සිරකර ඝාතනය කිරිමේ චෝදනාව යටතේ චුදිතයාට මරණ දඬුවම නියම කෙරිණි.
චුදිතයාගේ බිරිඳ කුවේට් රාජ්‍යයේ ගෘහසේවය සදහා 2014 වසරේදී විදෙස්ගත වී ඇති අතර එහිදී ඇය ශ්‍රී ලාංකික තරුණයකු සමඟ අනියම් සබඳතාවයක් පවත්වා ගනිමින් චුදිතයා සහ චුදිතයාගේ දරුවන්ට නොසළකා හැරීමෙන් උරණ වූ චුදිතයා දියණියගේ ගෙල සිරකර ඝාතනය කර ඇත.
රාගල පොලිසිය විසින් ඝාතනය සම්බන්ධයෙන් නුවරඑළිය මහාධිකරණයේ නඩු පවරා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පියෙකු හැටියට කළේ ඉතාමත් අමානුෂික අහස පොළව නුහුලන අපරාධයක්. බිරියගෙන් සිදූවූදේට මේ අහිංසක දරුවා කුමක් කරන්නද? මොහුට නීතියෙන් දඬුවම් ලැබේවි. ඒත් මෙවැනි සමාජ ප්‍රශ්නවලට කිසිදා විසඳුම් නොලැබේවි. රටක නීතියට පමණක් විසඳිය නොහැකි බොහෝ දේ තිබේ. ඒවාට වෙනත් පාර්ශවවල සංවේදී බුද්ධිමතුන් හා බලධාරීන් නිසි ක්‍රියාමාර්ග ගත යුතුයි. තම බිරිඳ වෙනත් රටක සිට අන් පුරුෂයකු හා සම්බන්ධ වී සිටියදී, තමන් හා දරුවන් නොසලකා හැරීම නිසා ඔහුගේ මානසික තත්ත්වය අවුල් වියවුල් වූවා විය හැකියි. එබැවින් ඔහුගේ බලාපොරොත්තු සුනුවිසුණු වී යන්නට ඇති. ඔහු පිස්සෙකු වෙන්නට ඇති. ඒ නිසා මේ අහිංසක දරුවා මරා දැමීමට තරම් ඔහු සාහසික වෙන්නට ඇති. මේවාට විසඳුම් හැටියට කාන්තාවන් ගෘහ සේවය සඳහා පිටරටවල් වලට යැවීම වැනි දේවල් යළි සලකා බැලීමට කාලය පැමිණ ඇත. මේ මෙහෙකාර සේවය සඳහා කාන්තාවන් යැවීමෙන් පවුල් අවුල් වූ අවස්ථා එමටයි. එහෙත්, එවැනි සමාජීය ප්‍රශ්න දෙස නව දෘෂ්ටි කෝණයකින් බලන බවක් නම් තවමත් නොපෙනේ...
බිරිද එකක් තරහගියාම දරුවා මරන පියවරු, සැමියා එක්ක තරහ ගියාම දරුවා මරන අම්මලා අද ලංකාවේ ඉන්නවා. මැරුවෙ නැතත් දරුවන්ව නොමරා මරන වදදෙන මානසිකව වට්ටන නුගත් මෙන්ම උගත් යැයි සළකන වැදගත් රැකියාවන් කරන අයත් ඉන්නවා. දරුවෙකු වැදු පමණින්ද ,අනේ මම අම්රුමා කෙනෙක්වෙ , කිව්වට ඇතත්ම අම්මලා නෙමෙයි සමහර අය. දරුවෙකු ලද පමණින් දරුවන් හොදට හැදිම සම්බන්ධ ඥාණය පහළ වෙන්නේ නැහැ. කරුණාකර විවාහවිමට පෙර සැම අයෙකුම උපදේශණ මාලාවකට යොමුකර පවුල් ආරවුල් දරුවන් සම්බනක්ධව කටයුතු කලයුතු ආකාරය සම්බන්ධව දැනුවත් කරන්න. එහිදි හමුවන අසාමාන්‍ය අයව දිගටම ෆලෝඅප් කරන්න. මෙවැනි ගැටළු ඉදිරියේද් අවමවේවි.
මිනිස්සු තමන්ගෙ හිතට එකගව වැඩකරන්න ඕනේ. හැගීම් වලට යට උනාම, වගකීම්, යුතුකම් පැහැර හැරියාම වන්දි ගෙවන්නෙ අහක ඉන්න අහිංසකයෝ.