(ක.ග.කරුණාරත්න)
වැලිකන්ද,සිංහපුර ප්‍රදේශයේ පිහිටි සහල් මෝලක සේවය කරන දෙදෙනක අද(03) සෙවනපිටිය ප්‍රදේශයේදී ඉසෙඩ්.ඩී. මහවැලි ඇලේ දිය නෑමට ගිය අවස්ථාවේ අතුරුදන්වී ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි.
මෙසේ අතුරුදන්ව ඇත්තේ වලපනේ, රාගල පදිංචි රාජරත්නම් ශෂී (44) සහ නුවරඑළිය,උඩපුස්සැල්ලෑව පදිංචි සුරේෂ් (30)යන දෙදෙනා බව අනාවරණයවි ඇත.
එම සහල් මෝලේ සේවකයන් 04 දෙනෙකු දියනෑම සඳහා ඇලට බැස ඇති අතර ඉන් දෙදෙනකු පීනා ගොඩට පැමිණ ඇතැයි පොලිසිය කියයි.
අනෙක් දෙදෙනා දියේ ගසාගෙන ගිය බව ගොඩඩට පැමිණි දෙදෙනා පොලීසියට ප්‍රකාශකර තිබේ.
අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු මේ වනවිට සිදුකරන බව විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන දේ වුණත්.." මරණ, මැරෙන ප්රවෘත්ති නම් අහන්න නොලැබේවා...!
මෙවැනි අනතුරු හැමදාම අහන්න ලැබෙනවා. අවදානම ගැන නොසිතා මොනවට යනවද? කොයිතරම් කිව්වත් ගාණකටවත් ගන්නේ නැති අයත් ඉන්නවා..