
(කාංචන කුමාර ආරියදාස)
විදේශීය සංචාරකයනට සේවය සපයන කරත්ත වලින් හා දැන්වීම් පුවරු වලින් රුපියල් 3000 බද්දක් අය කිරීමට රජය ගෙන ඇති තීරණය නිසා සීගිරියේ සංචාරක කර්මාන්තය නැවත වරක් අඩපණ වීමේ අවදානමක් පවතින බව සෆාරි සංචාරක ක්ෂෙත්‍රයේ නියෝජිතයෝ පවසති.
දඹුල්ල ප්‍රාදේශීය සභාව සහ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මෙම බදු මුදල් අය කිරීමේ සැලසුම ක්‍රියාත්මක කර තිබෙන බවද ඔවුහු පවසති.
මේ දිනවල දඹුල්ල ප්‍රාදේශීය සභාව මඟින් කරත්ත සෆාරි පත්වාගෙන යන ආයතනෙවලට දැනුම් දී ඇත්තේ එක් කරත්තයක් සඳහා රුපියල් 3000ක බදු මුදලක් අය කරන්නට යනයි. මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පැමිණ සීගිරියේ ප්‍රධාන මාර්ගයේ සවික කොට ඇති දැන්වීම් පුවරු වලට ඉහල තක්සේරුවක් කරගෙන යන බව ද එම නියෝජිතයෝ කියති.
වසර දෙක හමාරකට අධික කාලයක් කිසිදු ආදායමක් නොමැතිව අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටි කරත්ත හා ඔරු,අලි සෆාරි කරුවන් සිටින්නේ විදේශීය සංචාරකයන් කිහිපදෙනකු මෙරටට පැමිණීමත් සමඟ විනාස වී ගිය කරත්ත අලුත්වැඩියා කොට මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බවය
කිසිදු දවසක අය නොකරන ලද බදු මුදලක් අය කිරීම රජය ගෙන ඇති තීරණය නිසා නැවත වරක් සංචාරක කර්මාන්තය දැඩි අවදානමකට ලක්වන බව කරත්ත සහ ඔරු සෆාරි හිමියෝ චෝදනා කරති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ 3000 බද්දට සෆාරි කරත්තකරුවන්ට මොන සේවයන්ද? පළාත් බබාලා සපයන්නේ.. එක දෙයක් අත්‍යාවශ්‍යයි..., මේ යකඩ පට්ටම් ගහපු කරත්ත තාරපාරවල යාම තහනම් වෙන්න ඕනේ. මේ යකඩපට්ටම්වලට උණුතාර නිකන්ම ගැලවෙනවා.
කොච්චර හොඳට තිබ්බ රටක්ද? මේ රට කෑවා.
වසරකට 3000 නම් දවසට රුපියල් 8.2.. ක් පමණ වෙනවා. කරත්තවලින් මහාමාර්ගවලට සිදුවන අලාභය කොපමණද?
ඔය කරත්ත වලට යකඩ පට්ටමට සවිකළ හැකි රේඩාර් ටයර් නිෂ්පාදනය කළ නොහැකිද?
තියෙන ප්‍රශ්න මදිවට ගොන් බද්දකුත් ගෙනල්ලා?