
(කාංචන කුමාර ආරියදාස)
දේශීය ලොකු ළුනු අස්වැන්න මේ දිනවල නෙළීමේ කටයුතු ආරම්භ කර ඇති නිසා කඩිනමින් විදේශ රටවලින් ගෙන්වන ලොකු ලූනු සඳහා දැනට පනවා ඇති ශත 25 බද්ද ඉවත් කොට දේශීය ගොවියාට සාධාරණය වන පරිදි බද්ධ වැඩි කරන්නැයි දඔුලු ලොකු ලූනු ගොවීහු රජයෙන් ඉල්ලා සිටිති.
දඹුල්ල, ගලේවෙල, සීගිරිය ,නවුල, පොළොන්නරුව ,හබරණ, මැදිරිගිරිය ,ගල්කිරියාගම, ආදී ප්‍රදේශවල මෙවර විශාල වශයෙන් දේශීය ලොකු ලූනු වගා කොට තිබේ
මේ දිනවල සීගිරිය ප්‍රදේශයේ වැඩි වශයෙන් ලොකු ළුනු වගා කර ඇති අතර අස්වැන්න නෙළීමේ කටයුතු ආරම්භ කොට ඇතැයි සීගිරිය ලොකු ලූනු ගොවීන් පවසති.
තමන්ගේ අස්වැන්න සඳහා මේ දිනවල රුපියල් හැත්තෑ වත් අසුවත් අතර මිලක් පැවතියද එම මිල ගණන් යටතේ වෙළෙන්දන් තම දේශීය නිෂ්පාදන මිලදී නොගෙන වෙළඳපොලේ ඇති පාකිස්තාන්යෙන් සහ ඉන්දියාවෙන් ගෙන්වා තිබෙන කිලෝවක් රුපියල් පනහේ සිට 65 දක්වා වූ මිලට අලෙවි කරන ලූනු මිලදී ගන්නා බව ගොවීන් පවසති.
සීගිරිය ප්‍රදේශයේයේ දේශීය ලොකු ලූනු අස්වනු නෙළීමේ කටයුතු ආරම්භ කොට ඇති ආකාරය පෙන්වා දෙන ගොවීන් කියා සිටින්නේ එක ලූනු කිලෝවක් කැපීම සඳහා කම්කරුවකුට රුපියල් තුනක මුදලක් ගෙවන බවයි .
රසායනික පොහොර නොමැතිවව මෙම මෙවර දැඩි අසීරුතා මධයේ තමන් වගා කළ බවද ගොවිහු පවසති.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම අස්වනු නෙලන කාලෙට ගමේ මුදලාලි කියන බොරුව තමයි මේ... අඩුවට ගන්න ඕනෑ නිසා පිටරටින් ගෙනත් දැන් වරායේ ගොඩබානවා කියන එක... එතකොට ගමේ ගොවියාගෙන් අඩුවට ගන්න පුළුවන්. ගොවියා දන්නේ නෑ... කොළඹ දැන් බඩු ගෙනත් බානවද කියලා... අඩුවට හරි විකුණලා පවතින ආණ්ඩුවට බැන බැන ගෙදර යනවා. කොළඹට ප්‍රවාහනය කර වැඩිමිලට වීකුණන්න පුළුවන් නිසා අතරමැදි වෙළෙන්දෝ ලොකු ලාභයක් ගන්නවා. අර්තාපල්, ලුණු, වී සහ එළවළු සියලුම නිෂ්පාදන පරිගණක ගත කරන්න කල්පනා කරා නම් මේවා ප්‍රශ්න නොවේ නේද? ආර්ථික මධ්‍යස්ථාන වලට එන ප්‍රමාණ සහ මිල ගණන් යාවත්කාලීන කර සියලු මිලගණන් සහ ප්‍රමාණයන් පරිගණක යෙදවුමක් මගින් ඒ මොහෙතේම රටේ ඕනෑම කෙනෙකුට දැක ගන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙලක් හැදුවා නම් කොච්චර හොඳයිද?. රටට අානයනය කරන භාණ්ඩ සහ ලැබීමට තියෙන භාණ්ඩ එම යෙදවුමේම සඳහන් කරා නම් ගොවියාටත් කොච්චර පහසුද? මේ සඳහා කෝටි ගාණක් මුදල් යන්නේ නැහැ. ලංකාවේ ඇතුලතම ඕනෑතරම් සමාගම් ඉන්නවා මෙවැනි යෙදව්ම් නිර්මාණය කරන... කෘෂිකර්ම නිලධාරීන් දහස් ගාණක් ඉන්නවා. පරිගණක දහස් ගාණක් තියෙනවා. ගමක පාරකට යටකරන මුදලකින් රටේම තියෙන මේ ප්රශ්නය විසඳන්න පුළුවන්. එ්ත් ඕනෑකමක් නැහැ...
හැමදාම අස්වනු නෙලන කාලෙට ගමේ මුදලාලි කියන බොරුව තමයි මේ. අඩුවට ගන්න ඕනෑ නිසා පිටරටින් ගෙනත් දැන් වරායේ ගොඩ බානවා කියන එක. එතකොට ගමේ ගොවියාගෙන් අඩුවට ගන්න පුළුවන්... ගොවියා දන්නේ නැහැ කොළඹ දැන් බඩු ගෙනත් බානවද කියලා... අඩුවට හරි විකුණලා පවතින ආණ්ඩුවට බැන බැන ගෙදර යනවා. කොළඹට ප්‍රවාහනය කර වැඩිමිලට වීකුණන්න පුළුවන් නිසා අතරමැදි වෙළෙන්දෝ ලොකු ලාභයක් ගන්නවා. අර්තාපල්, ලුණු, වී සහ එළවලු සියලුම නිෂ්පාදන පරිගණක ගත කරන්න කල්පනා කරා නම් මේවා ප්‍රශ්න නොවේ නේද? ආර්ථික මධ්‍යස්ථාන වලට එන ප්‍රමාණ සහ මිල ගණන් යාවත්කාලීන කර සියලු මිලගණන් සහ ප්‍රමාණයන් පරිගණක යෙදවුමක් මගින් ඒ මොහෙතේම රටේ ඕනෑම කෙනෙකුට දැක ගන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙලක් හැදුවානම් කොච්චර හොඳයිද?.
තම රට ගැන හිතන ලෝකයේ ඕනෑම ආණ්ඩුවක් තම දෛනික කාර්යයන් පසෙකලා මෙවැනි ජනතා ඉල්ලීමට ඇහුම්කන් දී කල හැකි උපරිමය කරනවා. ඒත් කොන්ත්‍රාත්කරුවො සතුටු කරනවා නම් ලූණු කුණුවෙනකම් මේ ප්රශ්නය අදිමින් ඉදීයි. ජනතාවට තියෙන්නෙ තම ආණ්ඩුව තමන් ගැන හිතනවද කියන එක බලා ඉන්න එක තමා.
ගොවි ජනතාවට ජාතියේ ප්‍රණාමය... රට වහන්න කියන අයව මකබෑවිලාම යන්න ඕනේ...