
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ත්‍රිරෝද රථ සංගමයේ සාමාජිකයන් හය දෙනෙකු බන්ධනාගාර ගත කිරීම සඳහා පොලිසිය ක්‍රියාකිරීම සහ කුලී රථ ධාවනය කිරීම නිසා තම රැකියාවට හානි සිදුවී යැයි චෝදනා කරමින් දඹුල්ල, සීගිරිය, හබරණ, ත්‍රි රෝද රථ සංගම්වල සමාජික සාමාජිකාවෝ අද (07) දින පෙරවරුවේ දඹුල්ල නගර මධ්‍යයේ විරෝධතාවයක නිරත වූහ.
විද්‍යුත් ඇප් දෙකක් උපයෝගී කරගෙන කුලී රථ ධාවනයනය කරන නවගත්තේගම ප්‍රාදේශීය සභාවට ජාතික ජනබලවේගයේ අපේක්ෂකයෙකුට දඹුල්ල නගරයේදී පහරදී මංකොල්ලකෑවේ යැයි චෝදනාව මත ඔවුහු බන්ධනාගාරගත කරතිබිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙසත් නගර මධ්‍යයේ ඇති ආරක්ෂිත කැමරා පරීක්ෂා කොට අභූත චෝදනාවලට විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස උද්ඝෝෂකයෝ පොලිස්පති වරයාගෙන් සහ රජයෙන් ඉල්ලීමක් කර සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කියන විදිහට නම් පක්ෂේ පාට වැඩක් නෑ, මේ කැගහන කට්ටියම තමා වැරදි කියලා ඇප් භාවිතා කරලා ගමන යන මිනිස්සු දන්නවා
ත්‍රී රෝද රථ රියැදුරෝ අපිව මංකොල්ල කනව.කි.මී එකක ගමනටත් රු. 200/=ක් ගන්නව.මීටර් නෑ.මීටර් සීයක් ගියොත් රු.සීයයි මේ ගම්පහ ඉඹුල්ගොඩ ඉස්කෝල හන්දියේ තත්ත්වය...
මේ කලාකන්නි හිතෙන හිතෙන ගණන් වලට හයර් දුවනවා. ඇප් එක සාධාරණයි. මුන්ට ඇප් එක හින්දා බඩට වදින හින්දා කැගහන්නෙ.. කොලබට ඇවිත් බලපල්ලා ඇප් එක හින්දා උබලාගේම එවුන් කී දාහක් ගොඩද කියලා.. ලින් මැඩියට ඉතින් හැමදාම කැගන්න විතරයි පුළුවන්. අප්ඩේට් වෙයල්ලා උබලත්... කොලබත් මුල් කාලේ පාර්ක් ලග නවත්වන්න බෑ .ඇප් එකෙන් දුවන එකාට කෙලිනවා ... පස්සේ මුළු පාර්ක් එකම ඇප් එකෙන් දුවන ගත්තා...
ඕකට තමා කියන්නෙ කැලේ ඉන්න නයි ඔඩොක්කුවට දාගන්නවා කියල
අනිවාර්යෙන්ම නෑ මලගේ , බින් කුන්ඩෝ මේක අස්සේ ඇති
ත්‍රීවිල් මහත්වරුන්ට දැඩි සේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මහා මාර්ගයේ වෛරසයක් තමයි සරලවම...!