
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල සීග්‍රයෙන් පහත වැටි ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල වැඩි වශයෙන් එළවලු තොග ලැබුණද ඒවා මිලදී ගැනීම සඳහා පිටස්තර වෙළෙන්දන්ගේ පැමිණීම අඩු වී තිබෙන බවත් වෙළෙන්දන් ගේ පැමිණීම අඩුවී ඇත්තේ එළවලු පරිභෝජනය කරන ප්‍රමාණපහළ යෑම හේතුවෙන් බවද ඔවුහු පෙන්වා දෙති.
එළවලු අලෙවි නොවී දිනගණන් තිබී විනාශ වන නිසාත් එළවලු ප්‍රවාහනය සහ අනෙකුත් වියදම් අධික වීම නිසා ජනතාවට අඩු මුදලකට එළවලු ලබා දීමට නොහැකි බව වෙළෙන්දෝ කියති.
අමු මිරිස් ,වම්බටු , තක්කාලි ,කැකිරි ආදී එළවලු වර්ග සහ කන්ද උඩරට ප්‍රදේශ වලින් ලැබෙන කැරට් ,ලිස් ,ගෝවා බොහොමයක් අලෙවි විම රුපියල් 50 ත් 100 ත් අතර මිල ගණන් යටතේ බවත් බොහෝ දුරට අලෙවි නොවී දිනක් පසුවීමත් සමග විනාශ වන බව ගොවීහු පෙන්වා දෙති.
නිෂ්පාදන වියදම ඉතා ඉහල බවත් නිසි වැඩපිළිවෙලක අවශ්‍යතාවය ගොවින් මෙන්ම වෙළෙන්දෝ ද පෙන්වා දෙති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝවක තොග මිල පහත පරිදි වේ.
තක්කාලි 160- 200
වම්බටු 80-100
කැරට් 50-70
බෝංචි 150 -200
මාළු මිරිස් 240-300
අමුමිරිස් 250-300
කැකිරි 25-30
පිපිඤ්ඤා 25-30
වට්ටක්කා 80-100
මෑ කරල් 100-120
ගෝවා 50-70
ලීක්ස් 140-160

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආර්ථික මධ්‍යස්ථානවලට එන එළවළු තොග රට පුරා ව්‍යාප්ත කිරීමේ වැඩ පිළිවෙලක් සාර්ථකව කරනතුරු, ගොවියාත් පාරිභෝගිකයත් වාසි ලබන්නේ නෑ. මෙතැන තියෙන්නෙත් හාල්, බිත්තර, පොල් වගේම මාෆියාවක්...!
එළවළු හදන්නෙත් නුවරඑළියේ .ඒ උනාට වලපනේ නිල්දණ්ඩාහින්නෙ එළවළු ගිනි ගණන්. හැම එකකම 250 g ක් රු:65-75 අතර ගාණක්.