
(නිමල් ජයරත්න)
දින හතකට ආසන්න කාලයක් අඳුරේ තිබු ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අද සවස සිට විදුලිය සම්බන්ධතාවය ලබාදීමට විදුලිබල මණ්ඩලය කටයුතු කළේය.
රුපියල් ලක්ෂ 57 ක හිග විදුලිබිලක් පැවතීම හේතුවෙන් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය ඉකුත් 24 වෙනිදා විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලයේ නිලධාරීහුකටයුතු කලහ.
විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ මහා කාශ්‍යප මහ පිරිවෙනේ සාමණේර භික්ෂුන් වහන්සේලා මෙන්ම,ගිලන් භික්ෂූන් වහන්සේලා මෙන්ම ස්වාමීන් වහන්සේලා දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් දැඩි අසීරුතාවට පත්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම සේනාසනයට සූර්ය විදුලි පද්ධති ලබාදීමට පිංවතෙක් ඉදිරිපත් වේවි යැයි සිතමි.